පාසල් වහනවද? කොට්ඨාස සහ කලාප මට්ටමෙන් අවධානය යොමු කර මේ පාසල් සම්බන්ධයෙන් රජය තීරණය ගන්න විදිහ නලින්ද පහදයි

Report

අද(29) දින කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙක් විසින් පාසල් දෙකකින් වාර්තා වූ සිදුවීම් දෙකක් ඔස්සේ පාසල්වල දෙමළ මාධ්‍යයේ අඩු කිරීම සඳහා රජය යම් ප්‍රතිපත්තියක් ගෙන ඇත්දැයි විමසා සිටියා.

අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - උදෑසන 6 - 9 සහ පස්වරු 4 - 7 අතර මේ නීතිය කැඩුවොත් වැඩ වරදින බව දන්වයි

අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - උදෑසන 6 - 9 සහ පස්වරු 4 - 7 අතර මේ නීතිය කැඩුවොත් වැඩ වරදින බව දන්වයි

එයට පිළිතුරු ලෙස අමාත්‍යවරයා සඳහන් කළේ,

" කිසිම ආකාරයක දෙමළ මාධ්‍ය හෝ වෙනත් මාධ්‍යයක් හෝ දරුවන්ට අධ්‍යාපනය අහිමි කිරීමේ උත්සාහයක් නෙමෙයි අපිට තිබෙන්නේ. හැම දරුවෙකුටම හොඳ අධ්‍යාපනයක් ලබාදීමේදී එම දරුවන් සහ දෙමාපියන්ට පැටවිලා තියෙන අනවශ්‍ය බර සහ ඒ අනවශ්‍ය පීඩනය ඉවත් කිරීමට තමයි කටයුතු කරන්නේ. පාසල් වහන්නට මේ මොහොතේදී රජය කටයුතු කරමින් ඉන්නෙ නැහැ. කිසිම පාසලක් රජය මැදිහත් වෙලා වහල නැහැ. හැබැයි ඔබ දන්නව සමහර වෙලාවට කාලයක් තිස්සේ ක්‍රමානුකූලව වසර ගණනක් තිස්සේ සිසුන් අඩුවීම නිසා අපේ පාසල් පද්ධතියේ සමහර පාසල් ප්‍රමාණයක් අඩුවෙලා තිබෙනවා. ඒක කාලයක් තිස්ස සිදුවන වැඩක්. ඔන්න ඔය ප්‍රශ්නෙට අපි උත්තරයක් හොයන්න ඕනේ. අපි මීට අවුරුදු තිහ හතලිහකට කලින් ඒ පාසලේ ඉගෙන ගත්තාය කියලා ඒ පාසලේ දැන් ප්‍රමාණවත් පරිදි ශිෂ්‍යයෝ ප්‍රමාණයක් නැත්නම්, මෙතන ගුරු ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ සම්පත් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන ඇත්තටම ශිෂ්‍යයෝ නැත්නම් පාසල පවත්වාගෙන යා යුතුද නැතිද කියලා තීන්දුවක් ගත යුතු වෙනවා.. ඒ සම්බන්ධයෙන් කොට්ඨාස කලාප මට්ටමෙන් අපි වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා ඇයි මේ පාසලට මෙහෙම වුනේ කියන එක කොහොම වුනත් අපේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ ඉතාම කෙටිදුරක් තුළදී දරුවාට පහසුකම් සහිතව දුරක් තුළදී දරුවාට පහසුකම් සහිතව ප්‍රාථමික පාසලක් ලබා දීම එතනින් එහාට දිවිතීක සහ තෘතීක පාසල් ප්‍රමාණයක් ලබා දෙන එක. ඊළඟට ඒකට අවශ්‍ය කරන ගුරුවරු ප්‍රමාණයක් අපි බඳවගන්නවාා ගන්නවා. දැන් අපිට පුළුවන්කම ලැබේවි ඉතාම ඉක්මණින් ගුරුවරු තිස් දහසක් පද්ධතියට එකතු කරන්නටනින් ගුරුවරු තිස් දහසක් පද්ධතියට එකතු කරන්නට. ඒකෙන් ගුරු හිඟයට සැලකිය යුතු විසඳුමක් හම්බෙනවා තවත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියලා කියන්නේ විෂය නිර්දේශය වෙනස් කිරීම පමණක් නෙවෙයි මේක ඇතුළෙ ඒ පාසලට අවශ්‍ය කරන අධ්‍යාපන සහ මානව සම්පත් ලබාදීම ඊළඟට අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ ඊළඟට ඇගයම් සහ තක්සේරුකරණය ආදීේ ම සහ තක්සේරුකරණය ආදී මීට කලින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදි අපි කියපු කුළුණු පහම ඇතුලත් කරලා තමයි මේ ප්‍රතිසංස්කරණ සිදු කරන්නේ."

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්