නාලන්දාවේ වීඩියෝවේ සිසුවෙක්ගේ මවකුත් - ගුරුවරියන්ගේ වැඩ තහනම් කිරීම හෝ විනය පියවර ගැනීමට හැකියාවක් නැති බව අධ්‍යාපන ලේකම් කියයි
අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා විසින් කොළඹ 10 පිහිටි කීර්තිමත් බෞද්ධ පාසලක් වන නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ එම පාසලේම ගුරුවරියන් තිදෙනෙකු අතර පැවති බව කියන සමීප සබඳතා දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙස අදාළ විදුහල්පතිවරයාට නියෝග කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන මෙම දර්ශන කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු වී ඇති බව ලේකම්වරයා පවසයි.
එම සිද්ධියට අදාළව විදුහල්පතිවරයා ලබාදෙන වාර්තාව පදනම් කරගනිමින් විධිමත් විමර්ශනයක් පවත්වා, වගකිවයුත්තන්ට විරුද්ධව දැඩි පියවර ගන්නා බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
නාලන්දා විද්‍යාලයේ හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ
එමෙන්ම අදාළ විමර්ශන වාර්තාව ලැබෙන තෙක් සැකකාර ගුරුවරියන්ගේ වැඩ තහනම් කිරීම හෝ වෙනත් විනය පියවරක් ගැනීමට හැකියාවක් නොමැති බව ද ලේකම්වරයා පෙන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත් සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මෙම වීඩියෝ පටවල, අදාළ ශිෂ්‍ය නායකයා ගුරුවරියන් තිදෙනකු සහ එම විද්‍යාලයේම තවත් සිසුවකුගේ මවක සමඟ වීඩියෝ ඇමතුම් ඔස්සේ සම්බන්ධ වෙමින් නිරුවත් ක්‍රියාකාරකම්වල නිරත වන දසුන් ඇතුළත් වන බව වැඩිදුරටත් වාර්තා වේ.