හෙදියක් වුණු කවුරුත් හඳුනන ජනප්‍රිය නිළිය (PHOTOS)

By Sithumi Jan 08, 2022 03:13 PM GMT
Sithumi

Sithumi

Report

නදීශා නිලුන්දි කියන නම ඇතැම්විට නුහුරු නුපුරුදු නමක් වන්නට පුළුවන්. නමුත් ඇය මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකම දකින චරිතයක්. මේ නිසා රූපය දුටු සැනින් ඇයව හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඇය නිරූපිකාවක් වගේම රංගන ශිල්පිනියක් ලෙසින් ද කටයුතු කරන කලාකාරිනියක්.

ඉතින් පසුගිය දවසක ඇය පුවත්පතක් සමඟ සාකච්ඡාවක් කරලා තිබුණා. එහිදී ඇගේ කලා කටයුතු පිළිබඳවත් ඇගේ පෞද්ගලික ජීවිතයේ කරනු කාරනා කිහිපයක් සම්බන්ධවත් කතාබහ කරලා තිබුණා. කලාවට පිවිසීම පිළිබඳව කතා කරන විට ඇය සිරස කුමරිය තරඟයකට සහභාගි වෙන්නේ ශලනි තාරකා කිරුළ හිමිකරගත් අවුරුදු කුමරිය තරගාවලියට. 

ඉතින් මේ තරඟයේ දී ඇයට හැකියාව ලැබෙනවා තුන්වැනි වටය දක්වා ගමන් කරන්නට. මේ පැමිණි ගමන්මගේ කලාවට පිවිසෙන්නේ මෙතැනින් පස්සේ. නදීශා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙදියක් විදිහට රැකියාව කරනවා

. මේ අතරතුරදී තමයි ඇයට රංගන ශිල්පිනියක් විදිහට වැඩ කටයුතු කරන්නට ආසාවක් ලැබෙන්නෙත්. ඉතින් නිරූපිකාවක ලෙසද ඇය කටයුතු කරමින් ඉන්නවා. මේ වෘත්තීන් දෙකම සමබර කරගෙන වැඩ කටයුතු කරන බව තමයි ඇය සඳහන් කරන්නේ. රූ රැජිණ තරඟ සඳහාත් ඇය සම්බන්ධ වෙනවා. ඒ 2018 වසරේ දී. මිස් ශ්‍රී ලංකා යුනිවර්ස් තරඟයට සහභාගී වෙනවා .එහි min pajent එකක් ජයග්‍රහණය කරන්නට ඇයට අවස්ථාවක් ලැබෙනවා. පසුව ඇය කැරලයින් ජූරි ජයගත්ත මිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් තරඟයට යනව

. එහි අවසන් තරගයේ 16 දෙනා අතරට තේරෙනවා. ඉතින් මේ තරගය සංවිධානය කරල තියෙන්නෙ චන්දිමාල් ජයසිංහ කියලා තමයි ඇය සඳහන් කරලා තිබුණේ. මේ දිනවල ටෙලි නාට්‍ය කිහිපයකම ඇයව දකින්නට ලැබෙනවා. ඒ සියත නාලිකාවේ රාත්‍රී 9 ට විකාශනය වන encounter කියන ටෙලි නාට්‍යයේ වගේම කෝපි කඩේ ටෙලි නාට්‍යයේත් ඇය රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව දෙරණ නාලිකාවේ මල් පිපෙන කාලෙ නාට්‍යයේ අමාලි ලෙසත් ඇය රංගනයෙන් දායක වෙනවා.

ඊට අමතරව ගීත රූප රචනා වෙළඳ දැන්වීම් සෑහෙන ප්‍රමාණයකටත් ඇය සහභාගි වෙලා තියෙනවා කියලා තමයි සදහන් කරන්නේ. ඇය කියන විදියට රූපය විතරක් ප්‍රමාණවත් නැහැ රංගන ශිල්පිනියක් වෙන්න. එයට අනිවාර්යෙන් අධ්‍යයනය කියන දේ බොහෝම වැදගත් කියලා තමයි ඇය සඳහන් කරන්නේ. එමෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන් එක්ක රංගනය කරන විට ඔවුන්ගෙන් බොහෝ දේවල් ඉගෙන ගන්නටත් පුලුවන් කියන දේ ඇය සඳහන් කරලා තිබෙනවා. ඉතින් නදීෂා කියන විදියට ඇය ඒ පිළිබඳව හදාරනවා

. ඉතින් ලොකු අත්දැකීමක් අවබෝධයක් නැතත් රංගනය කියන දේ ඇඟේ තියෙන්න ඕන කියලා තමයි ඇය සඳහන් කරන්නේ. කෙසේ වුනත් නවක රංගන ශිල්පිනියක් විදිහට නදීෂා නිලුන්දි මේ වන විට ඇගේ නම පුංචි තිරය තුළ ලියාගෙන හමාරයි. ඉතින් ඉදිරියටත් ඇයට බොහෝ රංගන කටයුතුවලට ආරාධනා ලැබේවි. ඒත් එක්කම සඳහන් කරන දෙයක් තමයි නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා කියන කාරණාව.

කොහොම වුණත් හෙදියක් විදිහට රංගනයත් නිරූපණයත් කරන ආවරණය කරගනිමින් බොහොම අපූරු කලා කටයුතුවල නිරත වෙන ශිල්පිනියක් විදිහට ඇයව හඳුන්වන්නට පුලුවන්. ඉතින් අවසාන වශයෙන් ඇගේ රංගන කටයුතු වෙනුවෙන් සහ වෘත්තිය කටයුතු වෙනුවෙන් බොහොම ආදරයෙන් සුබ පැතුම් එකතු කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery