මියන්මාර් හමුදාව රටේ පාලනය අතට ගනී..

Myanmar army takes contro;
By Thaya Feb 01, 2021 05:38 PM GMT
Report

බුරුමය හෙවත් මියන්මාරයේ පාලක ජාතික ලීගයේ නායිකාව වන අවුන්සාන් සුකී එරට හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ වන විට හමුදාව එරට පාලනය සියතට ගෙන තිබේ.

එරට හමුදාව සහ හමුදා ප්‍රධානීන් අතර පසුගිය සති කිහිපය පුරා ගැටුම්කාරී තත්වයක් පැවතියේය. පසුගිය නොවැම්බරයේ එරට පැවති මහමැතිවරණයෙන් ජාතික ලීගය ජයග්‍රහණය කලද හමුදාව එය පිළිගැනීමට මැලි විය.

2011 වසර වන තුරු මියන්මාරයේ පැවතියේ හමුදා පාලනයකි. එම කාලය තුල වසර ගනනාවක් අවුසාන් සුකී නිවාස අඩස්සියේ පසුවිය.

නව පාර්ලිමේන්තුව සඳුදා රැස්වීමට නියමිතව තිබු අතර එය කල් දමන ලෙස හමුදා ප්‍රධානීන් දැනුම් දී තිබිණි.

එරට ප්‍රධාන නගරය වන යැන්ගුන් නගරය පුරා හමුදාව රැස්ව සිටිති. එසේම ජංගම දුරකථන අන්තර්ජාල සම්බන්ධතා සහ ඇතැම් දුරකථන සම්බන්ධතා පවා අවහිර කර තිබේ. එරට රජයේ ගුවන් විදුලි හා රූපවාහිනී සේවා අවහිර කර තිබේ.