ජනපති පාසල් සිසුන්ට දුන්න වටිනා පොරොන්දුව - දරුවන්ට සුබ ආරංචියක්.. (PHOTO)

Ranil Wickremesinghe President of Sri lanka Presidential Update Latest Headlines Decision Making
By krishani Feb 05, 2024 03:22 PM GMT
krishani

krishani

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මොණරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ සිසු දරුවන්ට ලබා දුන් පොරොන්දුව ඉතා කෙටි කලක් තුළ ඉටු කරමින් වටිනා සංගීත භාණ්ඩ තොගයක් එම පාසල වෙත ප්‍රදානය කිරීම පෙබරවාරි 09 වෙනිදා එම විදුහලේ දී සිදු කෙරේ.

ජනපති පාසල් සිසුන්ට දුන්න වටිනා පොරොන්දුව - දරුවන්ට සුබ ආරංචියක්.. (PHOTO) | Musical Instruments For Budruwagala College

සිසුන් විසින් මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ පසුගිය නොවැම්බර් 03 වෙනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රැගත් හෙලිකොප්ටර් යානය අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මොණරාගල බුදුරුවගල මහා විද්‍යාල ක්‍රීඩාංගනයට හදිසියේ ගොඩ බැස්ස වූ අවස්ථාවේ දී ය.

හදිසියේ තම පාසලට පැමිණි අමුත්තා රටේ ජනාධිපතිවරයා බව හඳුනා ගත් සිසුන් මෙන්ම ගුරුවරුන්ද ඉමහත් ප්‍රීතියට පත් වී තිබේ.

ඒ අවස්ථාවේ හෙලිකොප්ටර් යානය අසළට පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සුහදශීලී කතාබහක නිරත වීමට ද ඔවුන්ට අවස්ථාව හිමි විය.

පාසලේ සහ අවට ප්‍රදේශය තුළ පවතින අඩුපාඩුකම් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා ඔවුන්ගෙන් විමසා ඇත.

එහිදී පාසලේ පවතින සංගීත භාණ්ඩවල හිඟය පිළිබඳ ඔවුන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.

ජනපති පාසල් සිසුන්ට දුන්න වටිනා පොරොන්දුව - දරුවන්ට සුබ ආරංචියක්.. (PHOTO) | Musical Instruments For Budruwagala College

එම ඉල්ලීම ඉටු කරන බවට පොරොන්දු වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැකි ඉක්මණින් ඒ පිළිබඳව කටයුතු කරන ලෙස අදාළ නිලධාරීන්ට ඒ අවස්ථාවේදීම උපදෙස් දුන්නේ ය.

ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ එම පොරොන්දුව ඉටු කරමින් ට්‍රම්පට්, ට්‍රොම්බෝන්, සැක්සෆෝන්, ක්ලැරිනට්, ඔවුන්ටබල් ටැම්බරින්, වයිස් කට්ටල, එකොස්ටික් ඩ්‍රම් ආදී සංගීත භාණ්ඩ රැසක් ප්‍රදානය කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇත.

ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් රජිත් කීර්ති තෙන්නකෝන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ. ජේ. සුසිල් විජේතිලක, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එච්. ටී ධර්ම සිරි, මොණරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ විදුහල්පති එච්. එම්. යූ. බී හේරත් යන මහත්වරු, ගුරු මණ්ඩලය සහ සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

Gallery
ReeCha