මුරුත්තෙට්ටුවේ හිමියෝ හදිසියේම ජනපති හමුවෙති

By Sewvandhi Dec 21, 2021 08:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත “ජීනිවා පරාජයේ දෝංකාරය” කෘතිය අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා තිබේ.

ජීනිවා නුවර කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට බලපෑම් කිරීමට විවිධ ජාත්‍යන්තර සංවිධාන ගන්නා ලද උත්සාහයන් පිළිබඳ මාධ්‍යවල පළවන ප්‍රවෘත්ති අධ්‍යයනයෙන් සහ ජාතික ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ ක්‍රියාවලියේ දී ලද අත්දැකීම් පාදක කරගනිමින් ආනන්ද හිමියන් විසින් රචිත මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.

කොළඹ හැව්ලොක් ටවුන් සාම විහාරාධිපති පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද හිමියෝ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර එහිදී හිටපු අමාත්‍යවරයෙකු වූ ගුණපාල තිස්සකුට්ටිආරච්චි මහතා විසින් රචිත “දේශපාලනයේ සැඟවුණු කතා” ග්‍රන්ථය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now