ගැබිණි බිරිදගේ හිසත් රැගෙන පොලිසියට ආ සැමියා..ඇග කිළිපොලා යන කතාවක්..

Crime Law and Order Murder Sinhala news
By Mithu Jun 03, 2025 10:16 AM GMT
Mithu

Mithu

Report

ඉතා අවාසනාවන්ත සිදුවීමක් සම්බන්ධයෙන් පුලියන්කුලම ප්‍රදේශයෙන් වාර්තා වේ. තම ගැබිණි බිරිඳව ඝාතනය කර ඇයගේ හිස පුලියන්කුලම පොලිසියට රැගෙන ආ පුද්ගලයෙක් පිළිබඳව පුවතක්ය. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නයනමඩු ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් ලෙස සේවය කළ වයස අවුරුදු 32ක තැනැත්තියක්.

ට්නා ගිනිකන්ද පුපුරා යයි

ට්නා ගිනිකන්ද පුපුරා යයි

අපරාධය සිදුකළ බව කියන 35 හැවිරිදි සැමියා පුලියන්කුලම පොලිසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ. සැකකාර සැමියා කොළඹ වරාය නගරයේ කම්කරුවෙක් ලෙස සේවය කර ඇති අතර, මෑතකදී කිසියම් අයෙක් විසින් ඔහුට දුරකථන ඇමතුම් දී බිරිඳ සම්බන්ධයෙන් විවිධ කේලම් පවසා ඇති බවයි වාර්තා වී ඇත්තේ.

මේ හේතුවෙන් සැමියා පසුගිය දිනක යළි නිවසට පැමිණ ඇති අතර, මීට දින කිහිපයක සිට ඔවුන් දෙදෙනා අතර ආරවුල් හටගෙන ඇති බවට පොලිසියට කරුණු අනාවරණය වී තිබෙනවා. මේ අතර පැමිණිල්ලක් සිදුකිරීමට මොවුන් දෙදෙනා අද (03) පෙරවරුවේ පොලිසියට යාමට නිවසින් පිටත්ව ඇති අතර, ඒ යන අතර මඟ කැලෑ බද ප්‍රදේශයක දී සැමියා විසින් බිරිඳව ඝාතනය කර ඇයගේ හිස කඳෙන් වෙන්කර එයද රැගෙන පුලියන්කුලම පොලිසිය වෙත පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

මාලනීය නැතිවෙලා සතියකට පස්සේ චන්දික කියපු සංවේදී කතාව...මම කවදාවත් ඇය ළඟටම ගියේ නෑ...එහෙම කරන එක හරි නෑ...

මාලනීය නැතිවෙලා සතියකට පස්සේ චන්දික කියපු සංවේදී කතාව...මම කවදාවත් ඇය ළඟටම ගියේ නෑ...එහෙම කරන එක හරි නෑ...

ReeCha