ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමට (VIDEO)

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය සහ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා 2025 ජුනි 05 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

ඔහු මෙසේ පැමිණ ඇත්තේ, ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්ලේන් එක සූදානම් – පළා යන්න රනිල් සූදානම්ද?

ප්ලේන් එක සූදානම් – පළා යන්න රනිල් සූදානම්ද?

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා 2009 සිට 2015 දක්වා ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙසත්, පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත්, එමෙන්ම බිංගිරිය රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ලෙසත් කටයුතු කර ඇති අතර, 2019 සිට 2022 දක්වා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූණු, අල සහ බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකාර්මික රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කර ඇත.

ඇමරිකාවට ඇතුළුවෙන්න තහනම් කරපු ජාතිකයින් මෙන්න

ඇමරිකාවට ඇතුළුවෙන්න තහනම් කරපු ජාතිකයින් මෙන්න

 

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනාවල ස්වභාවය ගැන මෙතෙක් නිල වශයෙන් පැහැදිලි කිරීමක් සිදුවී නොමැති වුවත්, ඔහුගේ පැමිණීම ඌව පළාතේ රාජ්‍ය ඉඩම් හා ඉදිකිරීම් සම්බන්ධ චෝදනාවලට හෝ ඔහුගේ රාජ්‍ය අමාත්‍ය ධුරය භාරව සිටි සමයේ සිදුවූ යම් ක්‍රියාකාරකම්වලට අදාළ විය හැකි බවට ආරංචි පැතිර යමින් තිබේ.

මුඛ ආවරණය අමතකද? – සෞඛ්‍ය අමාත්‍යාංශය අවවාද කරයි!

මුඛ ආවරණය අමතකද? – සෞඛ්‍ය අමාත්‍යාංශය අවවාද කරයි!