අද සියලු රෝහල්වල වර්ජනයක්

Hospitals in Sri Lanka Strike Sri Lanka Sinhala news SriLanka News - Gagana
By Hashini Jun 05, 2025 03:57 AM GMT
Hashini

Hashini

Report

සිය ගැටලුවලට මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විසඳුම් ලබානොදීම හේතුවෙන් දිවයින පුරා සියලු රෝහල්වල අද (05) යළි වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූර්ක වෛද්‍ය වෘත්තීයවේදීන් පවසනවා.

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ අද උදෑසන 8.00 සිට මෙම වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

ඇමරිකාවට ඇතුළුවෙන්න තහනම් කරපු ජාතිකයින් මෙන්න

ඇමරිකාවට ඇතුළුවෙන්න තහනම් කරපු ජාතිකයින් මෙන්න

කෙසේවෙතත් මෙම වර්ජනයට පිළිකා රෝහල, මාතෘ සහ ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ මධ්‍යම ලේ බැංකුව ඇතුළු සුවිශේෂ ආයතන සම්බන්ධ නොවන බව සඳහන්ය.

උසස්වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසුගියදා පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක නිරත වු අතර රෝගීන් ද දැඩි දූෂ්කරතාවයකට පත්වුණා.

චානක ධර්මවික්‍රම මහතා වැඩිදුරටත් පැවසුවේ අද දිනයේ වර්ජනය සඳහා වෛද්‍ය රසායනාගාර පර්යේෂණ වෘත්තිකයන්, ඖෂධවේදීන් ඇතුළු පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් 5ක් එක් වන බවයි.

හරීන්ගේ ෆෑන්ස්ලා හරීන්ට වහ වැටිලා ඉන්නේ.. මෙන්න අලුත් වීඩියෝව..

හරීන්ගේ ෆෑන්ස්ලා හරීන්ට වහ වැටිලා ඉන්නේ.. මෙන්න අලුත් වීඩියෝව..

ReeCha