කෝටි පහක ගෙයක් ලක්‍ෂ පනහකට ලියාගෙන ..ඇමති වසන්ත වොෂ් දාන්නත් එනවලු - පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා කියයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කලේ අනුරාධපුර නගර මැද පිහිටි නිවසක් රුපියල් ලක්ෂ පණහක මුදලකට දේශපාලඥයකු විසින් ලියාගෙන ඇති බවටයි.
ඔහු පැවසුවේ එහි ඔප්පුව ලියා ඇත්තේ ජාතික ජනවේගයේ නීතිඥ මන්ත‍්‍රිවරයෙකු බවයි.
මෙම ඉඩම රුපියල් ලක්ෂ පනහකට ලියාගත්තද එහි ඇත් සැබෑ වටිනාකම ලක්ෂ පන්සීය ඉක්මවන බවත් ඔහු සඳහන් කළා.
ඇමති වසන්ත සමරසිංහ මෙම නිවසට වොෂ් දාගන්න නිතර යන එන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසුවා.
ඊට අදාළ වන ලිපි ගොනුවල පිටපතක්ද ඔහු පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු කරන ලදී.