බස් නැවතුම්පළක් අසලදී මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි..

Accident Murder Mathale Bus stand
By Aruna Dec 03, 2021 07:05 AM GMT
Report

මාතලේ අඹගහමුල බස්නැවතුම්පළ අසලදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මුගුරකින් පහරකෑමට ලක්වු පුද්ගලයා මාතලේ රෝහලට ඇතුළත් කිරිමේ දි මියගොස් ඇති බවයි පොලිස් මුලස්ථානය සදහන් කරයි.

පොලිසිය පැවසුවේ අනියම් ප්‍රේම සම්බන්ධයක් මුල්කරගනිමින් ඇතිවු ආරවුලක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවය.

මියගොස් ඇත්තේ 37 හැවිරිදි මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පහරදීමට සම්බන්ධ සැකකරු මාතලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අද මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now