දුර දිග ගිය කට වචනය..උදලු පහරින් කෙළවර කල හැටි...

By Piyumika Jan 27, 2025 04:24 AM GMT
Report

පොල්බොක්ක - හල්ලින්න මාර්ගයේදී පැරණි ආරවුලක් මත පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමකින් එක් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තිබේ.

මේක නම් කොහොමත් වෙන්න බෑ කියලද හිතුනේ..එහෙනම් අදම දාන්න ..

මේක නම් කොහොමත් වෙන්න බෑ කියලද හිතුනේ..එහෙනම් අදම දාන්න ..

පොලීසිය පැවසුවේ ඊයේ (26) උදෑසන කාලයේ අදාළ පහරදීම සිදුව ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා කහවත්ත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවය.

ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 49 ක් වූ හල්ලින්න වත්ත, ඕපනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු හා සැකකරු ශ්‍රමදාන කටයුක්තකට සහභාගී වී සිටියදී මෙම බහින්බස්වීම සිදු වී ඇති බවත් එහිදී උදැල්ලකින් පහරදී සිදුකර ඇති බවත් දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ආණ්ඩුවේ තවත් ප්‍රබලයකුගේ මහාචාර්ය තනතුරක් ඉවතට..

ආණ්ඩුවේ තවත් ප්‍රබලයකුගේ මහාචාර්ය තනතුරක් ඉවතට..

වයස අවුරුදු 66 ක් වන ඕපනායක ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඕපනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.  

You may like this video