ආණ්ඩුවේ තවත් ප්‍රබලයකුගේ මහාචාර්ය තනතුරක් ඉවතට..
රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ නම ඉදිරියෙන් මහාචාර්ය පදවි නාමය කිසිදු ලේඛනයක සඳහන් නොකරන ලෙස එම අමාත්‍යාංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් (පාලන) අමාත්‍යාංශයේ අංශ ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇත.
අබේරත්න මහතාගේ නම ඉදිරියෙන් මීට පෙර මහාචාර්ය නාමය සඳහන් කෙරුණු අතර අමාත්‍යාංශයේ වෙබ් අඩවියේද එම නාමය දැක්වුණු බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
අබේරත්න මහතා මහාචාර්ය තනතුරක් දැරුවද මේ වනවිට විශ්ව විද්‍යාලයක අධ්‍යයන කටයුතු නොකරන තත්ත්වය යටතේ මහාචාර්ය පදවිය භාවිතා කළ නොහැකි හෙයින් අබේරත්න මහතාගේ නම ඉදිරියෙන් මින් ඉදිරියට පාවිච්චි කෙරෙන්නේ ආචාර්ය පදවිය පමණක් බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ විද්‍යා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ නම ඉදිරියෙන් සඳහන් වූ මහාචාර්ය නාමයද පසුගියදා ඉවත් කෙරිණ.
ඒ අමාත්‍යවරයා විසින් ස්විච්ඡාවෙන් කරන ලද ඉල්ලීමක් අනුවය. විශේෂඥ වෛද්‍යවරයෙකුදවන අබේසේන මහතා විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු ලෙස කාලයක් කටයුතු කළේය.
මහාචාර්ය පදවියක් ඉසිලූ ආචාර්යවරයෙකු විශ්ව විද්‍යාල සේවයෙන් පසු එම තනතුරු නාමය පාවිච්චි කිරීමට හැකියාව නැති බවත් විශ්ව විද්‍යාල සේවයෙන් පසු ආචාර්යවරයෙකුට හෝ වරියකට සම්මානිත මහාචාර්ය පදවියක් පිරිනැමුණහොත් පමණක් එය භාවිත කිරීමට හැකියාව තිබෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.
You may like this video