කඳෙන් හිස වෙන් කළ මළ සිරුරේ අභිරහස හෙළිවෙයි..කාන්තාවක් කරපු හරියක්..මෙවැනි කාන්තාවන්ගෙන් පරිස්සම් වන්න.(PHOTOS)
අලුත් අනියම් සැමියා හා අනියම් බිරිය එක්ව පරණ අනියම් සැමියාගේ ගෙල කපා ඝාතනය කර තිබෙන බව වාර්තා වනවා.
අදාළ පුද්ගලයාගේ ඔළුව එක තැනක වලදමා කඳ කොටස වෙනත් තැනක දමා ගොස් ඇති බවයි මීට පෙර වාර්තා කෙරුණේ.
තණමල්විල පොලිස් බල ප්රදේශයට අයත් හම්බෙගමුව සූරියගොඩ ප්රදේශයේ පදිංචි කාන්තාවක හා බලහරුව ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු එක්ව තණමල්විල, අරඹෙකෙම පදිංචි පුද්ගලයෙකු කොස්ලන්ද ප්රදේශයේ කැලෑවට රැගෙන ගොස් ගෙලකපා ඝාතනය කර වල දමා තිබියදී තණමල්විල මූලාස්ථාන පොලිසිය විසින් ඊයේ (22) දහවල් සොයාගනු ලැබීය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තණමල්විල අරඹෙකෙම පදිංචි රොෂාන් දිනුක නැමති 35 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
මිය ගිය පුද්ගලයාගේ මව විසින් පසුගිය 18 වන දින තණමල්විල පොලිසියට පැමිණ සිය පුත්රයා දින කිහිපයක් තිස්සේ ආගිය අතක් නොමැති බවට පැමිණිල්ලක් සිදුකර ඇත.
එහිදි ඇය පැමිණිල්ලේ සදහන් කර ඇත්තේ, සිය පුත්රයා හම්බෙගමුව සූරියගොඩ ප්රදේශයේ පදිංචි කාන්තාවක සමග අනියම් සබධාතාවයක් පවත්වාගෙන ගිය බවයි.
ඒ අනුව තණමල්විල පොලිසිය අදාල කාන්තාවගේ නිවසට ගොස් මේ පිළිබදව ප්රශ්න කර ඇති අතර එහිදි එම කාන්තාව පොලිසියට පවසා ඇත්තේ ඝාතනයට ලක් වු පුද්ගලයාගේ කැබ් රථය තම නිවසේ නවතා ගිය බවත්, යන ස්ථානයක් පිළිබදව කිසිවක් නොකියූ බවයි.
ඒ අනුව තණමල්විල පොලිසිය වැඩිදුරටත් සිදු කළ විමර්ෂණවලදි අනාවරණය වුයේ මෙම කාන්තාවට බලහරුව ප්රදේශයේ තවත් අනියම් සැමියෙකු සිටින අතර ඝාතනයට ලක් වු පුද්ගලයා එම පුරුෂයා සමග යතුරු පැදියකින් කොස්ලන්ද දෙසට ගොස් ඇති බවය.
ඒ අනුව පොලිසිය යළිත් එම කාන්තාව පොලිසියට ගෙන්වා සිදුකල ප්රශ්න කිරීමේදී එම කාන්තාව විසින් අනෙක් අනියම් සැමියාගේ තොරතුරු ලබා දි තිබේ.
එම කාන්තාවගේ ප්රකාශ අනුව බලහරුව පදිංචි 46 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ලෙන ප්රශ්න කර ඇති අතර එහිදී එම සැකකරු පොලිසියට පවසා ඇත්තේ මෙම කාන්තාව සමග තමන්ගේ අනියම් සබධතාවයක් පවතින බවය.
ඔහු පාපොච්චාරණය කර තිබෙන්නේ, ඝාතනය කෙරුණු පුද්ගලයාගෙන් ඇයට කරදර තිබූ අතර එම කාන්තාවගේ ඉල්ලීම පරිදි මරණකරු සමග සුහදත්වයක් ගොඩනගාගෙන කොස්ලන්ද ප්රදේශයේ ගංජා හේනක් සකස් කිරිමට බව පවසා රැගෙන ගොස් කැලය තුළදි කැත්තකින් ගෙල කපා ඝාතනය කළ බවටයි.
ඔහු ඝාතනය කිරීමෙන් පසු ඔළුව කදින් වෙන් කර වෙනම ස්ථානයක වල දැමූ බවත් සිරුරේ ඉතිරි කොටස ඇලක් ආසන්නයේ දමා ගිය බවත් තමන් රැගෙන ගිය කැත්ත හා උදැල්ල කැලයේ සගවා ආ බවත් පොලිස් ප්රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇති බවයි වාර්තා වුණේ.
සැකකරුගේ මගපෙන්වීම මත ඝාතනයට ලක් වු පුද්ගලයාගේ සිරුර සොයා ගැනීමට පොලිසිය කොස්ලන්ද ප්රදේශයට ගොස් ඇත.
එහිදී ඝාතනය කර දමා සිටි පුද්ගලයාගේ සිරුර හා වල දමා තිබූ ඔළුව කොටස මෙන්ම කැලයේ සගවා තිබූ කැත්ත හා උදැල්ලද පොලිසිය විසින් සොයා ගත් බවයි පැවසෙන්නේ.
ඒ අනුව සැකකාර අනියම් බිරිය හා බලහරුව පදිංචි සැකකරු සමග යතුරු පැදිය හා කැබ් රථය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
You May Like This Video