අනුරාධපුර රෝහලේ මල මුත්‍රා මල්වතු ඔයට

Report

අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් නිකුත් කරන මල මූත්‍රා සහිත අපවිත්‍ර ජලය නීතිවිරෝධී ලෙස පිටවීමෙන්, ඒ අවට ප්‍රදේශවල සෞඛ්‍ය ගැටළු මතුවීමට ඉඩ ඇති බව ප්‍රදේශවාසින් අනතුරු අඟවති.

ඊශ්‍රායලයේ ගාසා ප්‍රහාරයකින් 18ක් මරුට – ලේ වතුර වුනු වෙළඳපොල

ඊශ්‍රායලයේ ගාසා ප්‍රහාරයකින් 18ක් මරුට – ලේ වතුර වුනු වෙළඳපොල

එහිදී ස්වාමීන්වහන්සේවරයෙකු පැවසූයේ, මෙම අපවිත්‍ර ජලය නගර මධ්‍යම කානු පද්ධතිය හරහා මල්වතු ඔයට මුදා හැරීමයි ප්‍රධාන ගැටලුව බවයි.

ඒ නිසා ස්වභාව උයන ආශ්‍රිත ප්‍රදේශය තුළ දැඩි දුර්ගන්ධයක් පැතිරි ඇති අතර, එම පරිසරයේ ජීවත් වන ජනතාව දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටිති.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

 

සංචාරකයින් සහ දියනෑමට නිරත වන ප්‍රදේශවාසීහු සඳහා ද මෙම ජලය සෘජුවම සෞඛ්‍ය තර්ජනයක්ව හැරෙන්නට හැකියාවක් ඇතැයි ජනතාව අවධානය යොමු කරති.

මේ තත්ත්වය ගැන මාධ්‍ය හමුවක් අතරතුර, මනුෂ්‍යත්වය සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අනුරාධපුර සෝමරතන හිමියෝ අවධාරණය කළේ, බලධාරින් කඩිනමින් මෙයට විසඳුමක් නොසෙවන්නේ නම් ඉතාම ඉදිරියේදී ප්‍රදේශය පුරා සෞඛ්‍ය ගැටළු රැසක් ඇති විය හැකි බවයි.