ලුණු මිලට සීමාවක් – අලුත්ම තීරණය මෙන්න
Latest Headlines
Sinhala news
gagana news
NPP Government
SriLanka News - Gagana
By Shehan
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඇති කරගත් එකඟතාවයකට අනුව, වෙළෙඳපොළේ ලුණු මිල පහත හෙළීම සඳහා උපරිම සිල්ලර මිල යටතේ ලුණු නිකුත් කරන බව ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
රජය විසින් ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ප්‍රමාණවත් ලුණු තොග ලැබී ඇති හෙයින්, ආනයනිත කෑමට ගන්නා ලුණු කැට කිලෝවක් රු. 180ක උපරිම සිල්ලර මිලකට, ලුණු කුඩු කිලෝවක් රු. 240ක උපරිම සිල්ලර මිලකට, සහ ලුණු කුඩු ග්‍රෑම් 400 රු. 120ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට සංගමය තීරණය කර ඇත.
ඉහත මිල යටතේ ඇසුරුම් කළ ලුණු දිවයින පුරා බෙදා හැරීම සඳහා දින කිහිපයක් ගතවිය හැකි බව ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
වර්තමානයේ වෙළෙඳපොළේ ලුණු කිලෝවක් රු. 350-400 අතර මිලකට අලෙවි වන බවද එම සංගමය පෙන්වා දෙයි.
