නොවිසිඳුණු උමාඔය ගැටලු – දැන් විසඳන්න කටයුතු
නොවිසිඳුණු උමාඔය ගැටලු – දැන් විසඳන්න කටයුතු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසන්නේ අවිද්‍යාත්මක පදනමින් ආරම්භ කළ උමාඔය ව්‍යාපෘතියේ නොවිසිඳුණු ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන බවයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ උමාඔය ව්‍යාපෘතියේ නොවිසඳුණු ගැටලු විසඳීම සඳහා පත් කෙරුණු කැබිනට් අනු කමිටුව ඊයේ (26) එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදීයි.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙන්ම රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටීම විශේෂත්වයක්.