පිටලේවැවේදී කාන්තාවකට සිදුවූ අවාසනාවන්ත ඉරණම..
By Aruna
ආණමඩුව පොලිස් වසමේ පිටලේවැව ප්‍රදේශයේ දී පුද්ගලික ආරවුලක් මත පුද්ගලයෙකු විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
මෙම පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 65 හැවිරිදි මහ උස්වැව - ආණමඩුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පැවසෙන්නේ.
මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇත්තේ අද (19) දින මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කිරීමටයි.
සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.
ඔහු අත් අඩංගුවට ගැනීමට ආණමඩුව පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |