කෙසෙල් වත්තේ දී පිරිසක් පැමිණ පුද්ගලයෙකු ඝාතනය කරයි.

Police Murder Keselwaththe
By Aruna Dec 05, 2021 02:59 AM GMT
Aruna

Aruna

Report

කෙසෙල්වත්ත පරණ යෝන් වීදිය ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් කෙසෙල්වත්තේ පවස් නැමැත්තාට තිවුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඝාතකයින් පලා ගොස් ඇති අතර ඔවුන් සොයා පොලිසිය විසින් පුලුල් විමර්ශන ආරම්භ කර තිබේ.

මේ අතර යාපනය, උරුම්පිරායි ප්‍රදේශයේ ඊයේ(04) රාත්‍රියේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යාපනය - කෝපායි පොලිසිය පැවසුවේ, වෑන් රථය පාපැදියක ගැටීමෙන්, පාපැදියේ ගමන්ගත් පුද්ගලයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, උරුම්පිරායි ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ඥානසිංහම් සුදන් නමැති පුද්ගලයෙක්.

මෙම රිය අනතුරින් පාපැදිකරු ජීවිතක්ෂයට පත් වීමත් සමග එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් වෑන් රථයේ රියැදුරු අල්ලාගෙන නොසන්සුන්කාරී අයුරින් හැසිරී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පවසන්නේ.

කෙසේවෙතත් කෝපායි පොලීසිය අදාළ ස්ථානයට පැමිණ තත්ත්වය සම‍ථයකට පත් කර ඇති අතර, ජීවිතක්ෂයට පත් පුද්ගලයාගේ සිරුර යාපනය මෘතශරීරාගාරය වෙත යොමු කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now