“Game ගහන අයට සුබ ආරංචියක්” - Apple වෙතින් Gaming Controllers දෙකක්

Report

Apple සමාගම iPhone භාවිත කරන්නන් වෙනුවෙන් නව Gaming Controllers දෙකක් නිෂ්පාදනය කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. විශේෂත්වය වන්නේ මෙම නව උපාංග Apple නාමයෙන් නොව, එහි Beats සන්නාමය යටතේ වෙළෙඳපොළට පැමිණීමට ඉඩ ඇති බවයි.

මෙම උපාංග දෙක T6502 සහ T1057 යන කේත නාමවලින් හඳුනාගෙන ඇති අතර, පසුගියදා නිකුත් කිරීමට සූදානම් කර තිබූ macOS 26.7 සංස්කරණයේ මෘදුකාංග කේත තුළ ඒවා පිළිබඳ සඳහන් කිරීම් හඳුනාගෙන ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, Apple සමාගම මේ වනතුරු මෙම Gaming Controllers සම්බන්ධයෙන් නිල තහවුරු කිරීමක් සිදුකර නැහැ.

සාමාන්‍ය Gamepad පහසුකම් රැසක්

වාර්තා වන තොරතුරුවලට අනුව, Controllers දෙකෙහිම සාමාන්‍ය Gaming Controller එකක දැකිය හැකි ප්‍රධාන පාලන පහසුකම් ඇතුළත් වනවා.

ඒ අනුව, D-pad එකක් Thumbsticks දෙකක් Shoulder Buttons Analogue Triggers Home සහ Menu Buttons වැනි පාලන පහසුකම් දෙකෙහිම තිබෙන බව සඳහන්. කෙසේ වෙතත්, මෙම උපාංග දෙක අතර ප්‍රධාන වෙනසක් ලෙස Motion Sensors සම්බන්ධයෙන් වෙනස්කම් පවතින බව වාර්තා වනවා.

T1057 මාදිලියට Accelerometer සහ Gyroscope ඇතුළත් වන බව පැවසෙන අතර, T6502 මාදිලියේ එවැනි Motion Sensors නොමැති බව සඳහන්.

''iPhone සහ Android සටන උණුසුම් වෙයි'' - iPhone 18 Pro Maxට අභියෝග කරන සුපිරි Android දුරකථන 5ක් මෙන්න

''iPhone සහ Android සටන උණුසුම් වෙයි'' - iPhone 18 Pro Maxට අභියෝග කරන සුපිරි Android දුරකථන 5ක් මෙන්න

වසරකට වැඩි කාලයක් තිස්සේ සංවර්ධනය කරලා?

Bloomberg මාධ්‍යවේදී Mark Gurman සිය නවතම Power On පුවත් ලිපියේ සඳහන් කර ඇත්තේ Apple සමාගම මෙම Gaming Controllers සම්බන්ධයෙන් වසරකට වැඩි කාලයක් තිස්සේ කටයුතු කරමින් සිටින බවයි.

එමෙන්ම ඒවා ප්‍රධාන වශයෙන් iPhone Gaming සඳහා ඉලක්ක කර ඇති බවත්, සංවර්ධන කටයුතු සඳහා Beats සමාගමේ විධායකයන් සම්බන්ධ වී ඇති බවත් වාර්තා වනවා.

macOS 26.7 Release Candidate සංස්කරණයේදී උපාංග දෙකටම වෙන්වූ Hardware Plug-ins තිබී ඇති බවද සඳහන්. එමඟින් මෙය හුදෙක් අනාගත සැලසුමකට අදාළ මෘදුකාංග කේතයක් නොව, සැබෑ Hardware නිෂ්පාදන විය හැකි බවට ඉඟියක් ලැබෙනවා.

කෙසේ වෙතත්, Apple සමාගම මේ වනවිට එම කේත ඉවත් කර ඇති බවද වාර්තා වනවා.

Apple Gaming Controller එකක්

අලුත් දෙයක් Apple සමාගම මේ දක්වා තමන්ගේම Gaming Controller එකක් වෙළෙඳපොළට ඉදිරිපත් කර නොමැති අතර, iPhone සහ අනෙකුත් Apple උපාංග සඳහා Xbox, PlayStation සහ Nintendo වැනි සමාගම්වල Third-party Controllers භාවිත කිරීමට සහාය ලබාදී තිබෙනවා.

එම නිසා Apple සමාගම තමන්ගේම Gaming Controller එකක් හඳුන්වාදීමට සූදානම් වන්නේ නම්, එය iPhone Gaming ක්ෂේත්‍රයේ විශේෂ වෙනසක් විය හැකියි.

කෙසේ වෙතත්, මෙම Controllers දෙකෙහි නිර්මාණය, මිල, නිකුත් කරන දිනය සහ නිල නාමය පිළිබඳව මේ වනතුරු නිශ්චිත තොරතුරු අනාවරණය වී නැහැ. ඒ නිසා මේ මොහොතේදී මෙය Apple සමාගමේ නිල නිෂ්පාදනයක් ලෙස නොව, මෘදුකාංග කේත තුළින් හෙළි වූ තොරතුරු මත පදනම් වූ වාර්තාවක් ලෙස සැලකිය යුතුයි.

“iPhone එක නමන්න පුළුවන් වෙයි කියලා කවුරුත් හිතුවේ නෑ” - අලුත්ම iPhone එකේ සුපිරි වැඩ කෑලි මෙන්න

“iPhone එක නමන්න පුළුවන් වෙයි කියලා කවුරුත් හිතුවේ නෑ” - අලුත්ම iPhone එකේ සුපිරි වැඩ කෑලි මෙන්න