අකුරේගොඩදී කරන්දෙණියේ සුද්දා විසින්ම සිය නීතීඥවරයාට වෙඩි ? - හේතුව සමග සියල්ල හෙළි වේ

Report

අද (13) පස්වරුවේ තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳව වෙඩි තබා ඝාතනය කර තිබුණි.

පොලිසිය සදහන් කරන පරිදි මෙලෙස මියගොස් ඇත්තේ කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණ කටයුතුවලට පෙනී සිටි අයෙකු බවයි.

ආරක්ෂක අංශ සැක පළ කරන පරිදි ඔහු සිය සේවාදායකයාගේ තොරතුරු ලොකු පැටී නම් අපරාධකරුට හා අපරාධ කණ්ඩායමකට ලබාදීම හේතුවෙන් කරන්දෙණියේ සුද්දා විසින්ම ඝාතනය මෙහෙයවා ඇති බවට කරයි.

අකුරේගොඩ වෙඩිතැබීමක් - දෙදනෙක් ජීවිතක්ෂයට

අකුරේගොඩ වෙඩිතැබීමක් - දෙදනෙක් ජීවිතක්ෂයට

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ජීප් රථයක සිටි එම යුවළ ඉලක්ක කර අද පස්වරු 5ට පමණ මෙම වෙඩිතැබීම සිදුවී ඇත.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් T-56 වර්ගයේ ගිනිඅවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාර 10ක් පමණ එල්ල කර පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඉන් මෝටර් රථයේ සිටි අඹුසැමි යුවළ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ බව සඳහන් වේ. එලෙස ඝාතනයට ලක්වුණේ පිටිගල පදිංචි මල්වාරච්චි නම් නීතීඥවරයෙක් හා ඔහුගේ බිරිඳයි.

සියලු ලාංකිකයන්ට සුබම සුබ පණිවිඩයක් - රජයෙන් කරන්න යන දේ මෙන්න

සියලු ලාංකිකයන්ට සුබම සුබ පණිවිඩයක් - රජයෙන් කරන්න යන දේ මෙන්න

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසියේ කණ්ඩායම් 3ක් ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරයි. මෙම වෙඩිතැබීමත් සමග වසරේ මේ දක්වා කාලය තුළදී සිදුවූ වෙඩි තැබීම් 7කින් පුද්ගලයන් 7ත් දෙනෙකු මියගොස් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.