පොලීසියෙන් දැවැන්ත මෙහෙයුමක් - පුද්ගලයින් 25,683 දෙනෙකු පරීක්ෂාවට

Report

පොලිස් මූලස්ථානය  අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ (20) දිනයේ පමණක් පුද්ගලයින් 25,683 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ බව පවසයි.

මෙම මෙහෙයුම්වලදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 396 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර අපරාධවලට සෘජුවම සම්බන්ධ සැකකරුවන් 25 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 282 දෙනෙකු සිටින බව පොලිසිය සඳහන් කරයි.

අප්‍රේල් 1 විදුලි බිලට අමතරව තවත් බිලක්? - සමස්ත ගාස්තු ඉහළ යාම 25% පනින ලකුණු

අප්‍රේල් 1 විදුලි බිලට අමතරව තවත් බිලක්? - සමස්ත ගාස්තු ඉහළ යාම 25% පනින ලකුණු

අදාළ වරෙන්තුකරුවන් අතරින් 191 දෙනෙකු දින වරෙන්තුකරුවන් වන අතර අනෙක් 91 දෙනා විවෘත වරෙන්තු නිකුත් කර සිටි පුද්ගලයන්ය.

මීට අමතරව, මාර්ග විනය පවත්වා ගැනීම සඳහා ක්‍රියාත්මක කළ වැටලීම්වලදී බීමත් රියදුරන් 67 දෙනෙකු සහ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයින් 51 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රථවාහන සම්බන්ධ වෙනත් වැරදි 3,332ක් ද ඊයේ දිනය තුළ වාර්තා වී ඇත. දිවයිනේ සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි ක්‍රියාත්මක මෙම විශේෂ මෙහෙයුම් ඉදිරි දිනවලදී ද අඛණ්ඩව සිදු කරන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් අවධාරණය කරයි.

තර්ජන හමුවේ සාකච්ඡා කිරීමට සූදානමක් නැහැ - ඉරානයෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

තර්ජන හමුවේ සාකච්ඡා කිරීමට සූදානමක් නැහැ - ඉරානයෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්