මෙන්න මේ අයට ලබාදෙන වන්දි කඩිනම් කරයි
මාතර දිස්ත්‍රික්කයේ පානීය ජලයට කරදිය එකතු වීම වැළැක්වීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය විසින් 2019 වර්ෂයේ නිල්වලා ගඟ ආශ්‍රිතව විශේෂ ව්‍යාපෘතියක් ලෙස කරදිය බාධකයක් ඉදිකිරීමට කටයුතු කරන තිබේ එම කරදිය බාධකය හේතුවෙන් 2019 වර්ෂයෙන් පසු සෑම වර්ෂයකම වී වගාවට සිදු වූ හානි වාර්තා වී ඇත.
මාතර දිස්ත්‍රික්කය තුළ දික්වැල්ල, කඹුරුපිටිය, කැකුණදුර, මඩිහ, මාලිම්බඩ, මැද උයන්ගොඩ, කලල්ල, විල්පිට හා සෙසු ප්‍රදේශ තුළ පිහිටි වගා බිම් මෙලෙස නිරන්තරයෙන් හානියට පත්වීම සිදුව තිබේ.
මෙම ගැටලුව පිළිබඳව ගොවීන් හා ගොවි සංවිධාන විසින් පැවති රජයන් දැනුවත් කල නමුත්, එවකට පැවැති කිසිදු රජයක් මේ පිළිබඳව අවධානය යොමු නොකිරීම හේතුවෙන් මෙම ගැටලුව වර්ධනය වී තිබුණි.
කෙසේ වෙතත් වර්තමාන රජය මෙම ගොවීන්ට සිදු වූ අසාධාරණය පිළිබදව විශේෂ අවධානයක් යොමු කරමින් 2026 අයවැය මඟින් රු. මිලියන 1200ක මුල්‍ය ප්‍රතිපාදන මෙම වගා හානි වෙනුවෙන් ගෙවීම සඳහා වෙන් කර තිබේ.
ඒ අනුව රජය විසින් තීරණය කර තිබෙනුයේ 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා අනුයාත කන්න 7ක් සඳහා වන්දි ගෙවීමටයි.
මාතර දිස්ත්‍රික් ලේකම්, මාතර ගොවිජන සංවර්ධන කොමසාරිස්, මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ, මහජන නියෝජිතයින්, අමාත්‍යාංශ නිලධාරීන්, හා මාතර ගොවි නියෝජිතයින්ගේ නිර්දේශ, යෝජනා හා අදහස් පිළිබඳවද අවධානය යොමුකර මාතර දිස්ත්‍රික්කයේ ලවන බාධකය හේතුවෙන් වී වගා බිම් වලට ඒ ඒ කන්න වලදී සිදු වූ හානි පිළිබඳව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත හානි වාර්තා කර ඇති ගොවීන් සඳහා මෙම වන්දි මුදල් ගෙවීමට තීරණය කර තිබේ.