අම්බලන්ගොඩ ද්විත්ව ඝාතනයේ සැකකරුවෙක් අධිකරණයට

By Gagana News Feb 26, 2025 07:36 AM GMT
Report

අම්බලන්ගොඩ පොලිස් වසමේ ඌරවත්ත ප්‍රදේශයේදී සිදුකළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත්වී තිබේ.

2024.11.10වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේ ඌරවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයෙකුට හා කාන්තාවකට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

වෙඩිතැබීමෙන් පසු වෙඩික්කරුවන් පලාගොස් තිබූ අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කළේය.

ඒ අනුව, මෙම අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ඊයේ (25) නීතිඥවරයෙකු මාර්ගයෙන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබුණු අතර එහිදී සැකකරු මාර්තු 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

බන්ධාගාරගත කළ සැකකරු පොල්හුන්නාව, බටපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මොහු, අපරාධයෙන් පසු සැකකරුවන් පලා යෑමට භාවිත කරන ලද කාර් රථයේ රියදුරු වශයෙන් කටයුතු කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත. අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. 

කාගේත් ආදරය ලැබූ මන්දිනු පෙරේරා කෙහෙල්බද්දර පද්මේ උණු කතාව... කාගේත් හිත කම්පා කරයි

කාගේත් ආදරය ලැබූ මන්දිනු පෙරේරා කෙහෙල්බද්දර පද්මේ උණු කතාව... කාගේත් හිත කම්පා කරයි

මිනුවන්ගොඩ වෙඩිතැබීමක්

මිනුවන්ගොඩ වෙඩිතැබීමක්