නිවසක් තුල මවක් සහ දියණියක් අභිරහස් ලෙස මිය යයි..
By Aruna
ගිනිගත්හේන ප්‍රදේශයේ නිවසක් තුල මවක් සහ දියණියක් අභිරහස් ලෙස මියගොස් තිබෙන බව ගිනිගත්හේන පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ ගිනිගත්හේන පේරගහමුල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 50ක මවක් සහ අවුරුදු 30ක් වන ඇගේ දියණියයි.
නිවසේ පදිංචිකරුවන් දින ගණනාවක් පිටතට නොපැමිණි බවත්, එම නිවස දෙසින් දුගන්ධයක් හමන බවට ගිනිගත්හේන පොලිසියට (09) දින ප්‍රදේශවාසින් විසින් කල දැනුම් දිමක් අනුව කළ විමසීමකදී නිවසේ තිබියදී සිරුරු දෙක සොයාගෙන ඇත.
සිරුරු දෙකම නිදන කාමරයේ ඇද මත තිබු බවයි පොලිසිය පවසන්නේ.
මියගිය දෙදෙනා මානසික රෝගි තත්ත්වයෙන් පෙලෙන අය බවත්, මියගිය කාන්තාවගේ සැමියා සහ පුතා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බවත් පොලිසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |