අහුංගල්ල උණුසුම් වෙයි - ලොකු පැටීගේ සහෝදරයා වෙඩි කා මරුට
By Aylin Zoya
අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී අද (01) රාත්‍රී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ රාත්‍රී 8.10ට පමණ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් 9mm වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ ලන්තුවාහන්දි සුගත් නුවන් කුමාර ද සිල්වා නමැති පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන “ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු බවටද තොරතුරු වාර්තා වේ.
වෙඩි තැබීම සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.