දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් සුභ ආරංචියක් - මේ වනවිටත් වාර්තාගත අදායමක්
2026 වසරේ සැප්තැම්බර් 30 වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රු. ට්‍රිලියන 2 සීමාව ඉක්මවා යාමට සමත් වී ඇත. ඒ අනුව, 2026 ජනවාරි 1 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ සමස්ත දෙපාර්තමේන්තු ආදායම රු. බිලියන 2,040ක් ලෙස වාර්තා වී ඇති අතර 2025 වසරේ එම කාලය තුළ වාර්තා වූ රු. බිලියන 1,642ක ආදායමට සාපේක්ෂව මෙය රු. බිලියන 398ක වැඩිවීමක් වාර්තා වේ.
2026 වසර සඳහා අදාළ වාර්ෂික ආදායම් ඇස්තමේන්තුව රු. බිලියන 2,401ක් වන අතර, සැප්තැම්බර් 30 වන විට එම වාර්ෂික ඇස්තමේන්තුවෙන් 85%ක් සපුරා තිබේ.
ඩීසල් ලීටරයක් රු.528කට සුපර් ඩිසල් රු.581කට යන්නේ - විශාල පරතරයකින් සිදුවෙන ඉන්ධන අලෙවිය ගැන සිපෙට්කෝ පැහැදිලි කරයි
එමෙන්ම, 2026 සැප්තැම්බර් මාසය තුළ පමණක් රු. බිලියන 288ක ආදායමක් රැස්කර ඇති අතර, 2025 සැප්තැම්බර් මාසයේ රු. බිලියන 216ක ආදායමට සාපේක්ෂව එය රු. බිලියන 72ක වැඩිවීමක් පෙන්නුම් කර ඇත.
ඒ අනුව, 2026 වසරේ මුල් මාස නවය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අත්කරගෙන ඇති ආදායම් ප්‍රගතිය මගින්, වාර්ෂික ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා මේ දක්වා ලබා ඇති ප්‍රගතිය පැහැදිලිව පෙන්නුම් කරන අතර, බදු ගෙවන්නන් විසින් ස්වේච්ඡාවෙන් බදු ගෙවීම සඳහා වන පෙළඹවීමත් බදු පරිපාලනයේ කාර්යක්ෂමතාවයක් මේ සඳහා සෘජුවම බලපා තිබේ.