ලබන වසරේ අප්‍රේල් 1 සිට විශේෂ නීතියක් - මෙවැනි පලතුරු වික්කොත් දැඩි නීතිමය පියවර
ලබන වසරේ අප්‍රේල් 1 වන දින සිට විෂ සහිත ද්‍රව්‍ය අඩංගු පලතුරු අලෙවි කරන වෙළෙන්දන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
ඔහු අද (1) කොළඹදී පැවති ජාතික “ළමුන් සඳහා විෂ රහිත පලතුරු” වැඩසටහන දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් මේ බව පැවසීය. පලතුරු වෙළඳසැල් සහ තොග බෙදාහරින්නන් සඳහා ලියාපදිංචි කිරීමේ සහ දැනුවත් කිරීමේ වැඩසටහන ඔක්තෝබර් 1 වන දින ආරම්භ වේ.
රාජ්‍ය සේවකයන්ට අති විශේෂ නිවේදනයක් - වැටුප් වර්ධක ලබා ගැනීමට හා සේවය ස්ථිර කිරීමට - මේ සහතිකය පොලිසියෙන් අත්‍යවශ්‍යයි
රසායනික ද්‍රව්‍ය රහිත පලතුරු ඉදවීම සහ අස්වැන්න නෙළීම ඇතුළු ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීමට ව්‍යාපාර දිරිමත් කරනු ලැබේ. පාරිභෝගික කටයුතු අධිකාරිය ලබන මාර්තු මාසය වන විට විෂ රහිත පලතුරු අලෙවි කරන ව්‍යාපාර සහතික කිරීමට ද අපේක්ෂා කෙරේ.
රට පුරා එවැනි අලෙවිසැල් හඳුනා ගැනීමට පාරිභෝගිකයින්ට උපකාර කිරීම සඳහා QR මත පදනම් වූ පද්ධතියක් සංවර්ධනය වෙමින් පවතී.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා,
"මේ ඔක්තෝබර් පළවෙනිදා පටන් ගත්තාම රට පුරා තියෙන පලතුරු වෙළඳසැල් සහ තොග බෙදාහරින්නන් ලියාපදිංචි කරන්න, දැනුවත් කිරීම් කරන්න කටයුතු කරනවා. කොහොමද වස විස නැතුව පලතුරු ඉදවන්නේ, වස විස යොදන්න ඕනේ නැති පලතුරු කොහොමද ගොවිපළෙන් නෙළාගන්නේ, ඒක කොහොමද පාරිභෝගිකයා අතරට පත්කිරීමේදී විශ්වාසවන්තව ගෙනියන්නේ කියන කාරණය අපි ඔවුන් එක්ක සාකච්ඡා කරලා ඔවුන්ව පෙළගස්වන්න සූදානම් වෙනවා. අපේ අවසාන ඉලක්කය, ලබන මාර්තු මාසය වන විට පාරිභෝගික සේවා අධිකාරියෙන් අපි සිදුකරන ව්‍යාපාරය අව්‍යාජව වස විසෙන් තොර පලතුරු විකුණන ව්‍යාපාරයක් බවට සහතික කරපු සහතික පත්‍රයක් ලබාදෙන්න කටයුතු කරනවා. රට පුරා තියෙන පලතුරු වෙළඳසැල් සිතියම්ගත කරලා, ඒ QR කෝඩ් එකක් හරහා ගියපුවාම වස විසෙන් තොර පලතුරු අලෙවි කරන්නේ කොතැනද කියන කාරණය සොයාගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ලබන අප්‍රේල් මාසේ පළවෙනිදා සිට වස විස සහිත පලතුරු විකුණන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන රටේ පවතින නීති, ඒ වගේම අපි අවශ්‍ය කරන ගැසට් පත්‍ර මඟින් පාරිභෝගිකයාට සලසන්න අවශ්‍ය ඒ නීතිමය ක්‍රියාමාර්ගත් ඉස්සරහට ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා."