2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් තවමත් අතරමඟ

Government Of Sri Lanka Sinhala news gagana news SriLanka News - Gagana
By Shehan May 24, 2025 11:15 PM GMT
Shehan

Shehan

Report

බස්නාහිර පළාත් සංවර්ධන සැලැස්ම 2025 යටතේ කොළඹ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන සඳහා ව්‍යාපෘති 535ක් වෙනුවෙන් රුපියල් මිලියන 1508.25ක් අනුමත කර ඇතත්, මැයි 16 වන විට ඉන් රුපියල් මිලියන 8.20ක් පමණක් වැය කර ඇති බව කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ප්‍රගති වාර්තාවේ සඳහන් වේ.

2025 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා බස්නාහිර පළාත් සංවර්ධනයට රජය විසින් රුපියල් මිලියන 3,201.30ක් වෙන් කර ඇති බව එම වාර්තාවේ දැක්වේ.

ජනප්‍රිය නිළියකුත් ගිනිඅවි ජාවාරමට - නිලියකගේ ගෙදර පොලිසියෙන් වටලයි

ජනප්‍රිය නිළියකුත් ගිනිඅවි ජාවාරමට - නිලියකගේ ගෙදර පොලිසියෙන් වටලයි

 අමාත්‍යාංශ පහක් යටතේ අනුමත ව්‍යාපෘති 535ම තවමත් ආරම්භ කර නැති බව එම ප්‍රගති ලේඛනය හෙළි කරයි.

ඒ අනුව,

- අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමත ව්‍යාපෘති 177න් 125ක්,

- සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත ව්‍යාපෘති 194න් 61ක්,

- මහා මාර්ග අමාත්‍යාංශයේ අනුමත ව්‍යාපෘති 61න් 08ක්,

- පළාත් පාලන අමාත්‍යාංශයේ අනුමත ව්‍යාපෘති 77න් 43ක්,

- කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනුමත ව්‍යාපෘති 26න් එකක්, ආරම්භ කර නොමැත.

මහ පාරේ කෙල්ලක් එක්ක ලිංගිකව එකතුවුණු දේශපාලඥයා - වෛරල් වීඩියෝවක් එළියට..

මහ පාරේ කෙල්ලක් එක්ක ලිංගිකව එකතුවුණු දේශපාලඥයා - වෛරල් වීඩියෝවක් එළියට..

මේ අතර, 2025 සඳහා අනුමත ව්‍යාපෘති 535න් 283ක් ක්‍රියාත්මක මට්ටමේ පවතින අතර, වැඩ අවසන් කළ ව්‍යාපෘති 14ක් පමණක් ඇති බව බස්නාහිර පළාත් සංවර්ධන සැලැස්මේ ප්‍රගති වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

අනුදිට මොකද වුණේ පොලිසියෙන් විශේෂෙ නිවේදනයක්...

අනුදිට මොකද වුණේ පොලිසියෙන් විශේෂෙ නිවේදනයක්...

ReeCha