MTFE ආයතනය වෙත අධිකරණ නියෝගයක් - ප්‍රධානියෙකු හොර රහසේම රටින් පිටවෙයි

Central Bank of Sri Lanka Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Aug 11, 2023 04:26 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් පිරමීඩ ජාවාරම් පිළිබඳ චෝදනා එල්ල වී ඇති MTFE SL Group ආයතනයේ ප්‍රධානීන් සිව්දෙනෙකුට අද (11) විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

අද(11) පෙරවරුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මේ පිළිබඳ ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස එම විමර්ශන නිලධාරීන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කරුණු දැක්වීමක් සිදුකිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

මේ වනවිට තොරතුරු වාර්තාවන්නේ විදෙස් ගමන් තහනම ලබාගත් පිරිසෙන් අයෙක් අද අලුයම ඩුබායි රාජ්‍ය බලා පිටව ගොස් ඇති බවටය.

මීට පෙර පිරමීඩ චෝදනා සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන සිදුකරන අතරම මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ද පරීක්ෂණයක් ආරම්භ කිරීම යෝග්‍ය බව පවසමින් මහ බැංකුවෙන් ලිපියක් ද යොමුකර තිබුණි.

එහි දැක්වුණේද මෙම සමාගමේ උසස් නිලධාරීන් විදේශගතවීමේ හැකියාවක් ඇති බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් වළක්වමින් වාරණයක් ලබාගැනීම උචිත බවය. MTFE SL Group ආයතනය සම්බන්ධයෙන් මේ වන විට රට පුරා කතාබහක් නිර්මාණය වී තිබේ.

 එම සමාගම පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීමේ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම ආයතනයේ ක්‍රියාකාරකම් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම යටතට වැටෙන බවට විශ්වාස කළ හැකි කරුණු හෙළිවෙමින් ඇති බවයි මහ බැංකුව පවසන්නේ.

මෙම ආයතනය මහ බැංකුවේ ලියාපදිංචි වී නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර MTFE SL Group ආයතනය මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අනුග්‍රාහකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG සමාගම සමග ගිවිසුම්ගත වීම පිළිබඳ අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනේදී අවධානයට ලක්වුණි.

ReeCha