සංගීතයෙන් රසික සිත් සතන් මුසපත් කළ, ප්‍රවීන සංගීතඥයෙකු ජීවන ගීය නිම කරයි..(PHOTOS)

Report

අද (26) මහනුවර මහ රෝහලේ දී ප්‍රවීණ සංගීතඥ, වාදන සහ ගායන ශිල්පී ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සංගීතයෙන් රසික සිත් සතන් මුසපත් කළ, ප්‍රවීන සංගීතඥයෙකු ජීවන ගීය නිම කරයි..(PHOTOS) | Mr Ananda Perera Has Passed Away

දේහය අවසන් ගෞරවය සඳහා 10/3D, මංගලගම පාර, මොලදන්ඩ, කිරිබත්කුඹුර නිවසේ තැන්පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

අවසන් කටයුතු සිදු කරන දිනය පිළිබඳ පසුව දැනුම් දීමට නියමිතය.

ආනන්ද පෙරේරා යනු ලංකාවේ බිහිවූ විශිෂ්ට සංගීතවේදියෙක් වන අතර ඔහු මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙක් වේ.

සංගීතයෙන් රසික සිත් සතන් මුසපත් කළ, ප්‍රවීන සංගීතඥයෙකු ජීවන ගීය නිම කරයි..(PHOTOS) | Mr Ananda Perera Has Passed Away

කෙසේ වෙතත්, ඔහු විශිෂ්ටයකු වන්නේ මෙරට ජන සංගීතයේ සිට පෙරදිග ශාස්ත්‍රීය සංගීතය මෙන්ම බටහිර සංගීතය දක්වාත්, වෙසෙසින් ඇමරිකානු හා අප්‍රිකානු ජනසංගීත විධීන් කෙරෙහිත් ශාස්ත්‍රීයමය අවධානය යොමු කරමින් මනා කොට වූ අභ්‍යාසවෘද්ධ සංගීත විජිතයක සැරිසරන්නකු වූ නිසා ය.