දිස්ත්‍රික් සෞඛ්‍ය සම්බන්ධීකරණය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතට

Report

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ රෝග නිවාරණ සහ ප්‍රතිකාර සේවා වඩා කාර්යක්ෂමව ජනතාව වෙත ලබාදීමත්, සම්පත් ප්‍රමුඛතා අනුව යොදා ගැනීමත් අරමුණු කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ කැබිනට් පත්‍රිකාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.

ඒ අනුව මෙරට සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් “දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්” ලෙස පත් කිරීමට යෝජනා කර ඇති අතර, එම පත්කිරීම්ද අනුමත කර ඇති බව වාර්තා වේ.

ඩිජිටල් රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම ගැන විශේෂ දැනුම්දීමක්

ඩිජිටල් රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම ගැන විශේෂ දැනුම්දීමක්

මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ ලෙස මධ්‍යම රජය සහ පළාත් සභා යටතේ ක්‍රියාත්මක වන සෞඛ්‍ය ආයතන අතර පවතින සම්බන්ධීකරණ දුර්වලතා අවම කිරීම සහ සම්පත් කාර්යක්ෂමව භාවිතා කිරීම සඳහන් කර ඇත.

දැනට පවතින සෞඛ්‍ය පද්ධතියේ රෝග නිවාරණ සහ ප්‍රතිකාර සේවා යන අංශ දෙක යටතේ ක්‍රියාත්මක වන නමුත්, පරිපාලන ව්‍යුහයේ වෙන්වීම් හේතුවෙන් දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ ගැටලු මතුව ඇති බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

නව ක්‍රමවේදය යටතේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්ට ජනතා අවශ්‍යතා හඳුනා ගැනීම, සෞඛ්‍ය සැලසුම් සමඟ ඒවා ඒකාබද්ධ කිරීම, ව්‍යාපෘති ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සහ ප්‍රමුඛ ව්‍යාපෘති නිර්දේශ කිරීම ඇතුළු වගකීම් පවරා ඇත.

මෙම පියවර මඟින් ප්‍රාදේශීය සෞඛ්‍ය අවශ්‍යතා ජාතික සැලසුම් සමඟ වඩාත් සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

අබිරහසක් ඉතිරි කරමින් කපිල චන්ද්‍රසේන සමුගනියි

අබිරහසක් ඉතිරි කරමින් කපිල චන්ද්‍රසේන සමුගනියි

රන් වෙළෙඳපොළ උණුසුම් කරමින් මිල වාර්තාගත ලෙස ඉහළට

රන් වෙළෙඳපොළ උණුසුම් කරමින් මිල වාර්තාගත ලෙස ඉහළට