සඳ මත පියාඹන පීරිසි? 1940 සිට සැඟවූ රහසිගත වාර්තා ට්‍රම්ප් පාලනයෙන් මහජනයාට

Report

එක්සත් ජනපදයේ හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සහ පිටසක්වල ජීවීන් සම්බන්ධ රහසිගත ලිපිගොනු කිහිපයක් මහජන අවධානයට ලක්ව තිබේ

මෙම තොරතුරු සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී තවත් විස්තර නිකුත් කිරීමට නියමිත බව එක්සත් ජනපද ආරක්ෂක අංශ සඳහන් කර ඇත.

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් Pete Hegseth පවසා ඇත්තේ, මෙම තොරතුරු පිළිබඳව මහජනතාවට සෘජුව දැනගැනීමට අවස්ථාව ලබාදිය යුතු කාලය පැමිණ ඇති බවයි.

නිකුත් කර ඇති ලේඛන අතර 1940 දශකයේ සිට සටහන් කළ UFO වාර්තා, 1947 වසරේ “පියාඹන පීරිසි” සිද්ධීන් සම්බන්ධ තොරතුරු, Apollo 12 මෙහෙයුමේදී ලබාගත් අභිරහස් ඡායාරූප සහ Apollo 17 කාර්ය මණ්ඩලය විසින් දැක ඇති බව කියන හඳුනා නොගත් වස්තූන් පිළිබඳ සංවාද ද ඇතුළත් වන බව වාර්තා වේ.

පොරොන්දු දෙන්න කලින් මූල්‍ය තත්ත්වය තේරුම් ගන්න - ස්ටාලින් අලුත් පාලනයට රතු එළියක් දමයි

පොරොන්දු දෙන්න කලින් මූල්‍ය තත්ත්වය තේරුම් ගන්න - ස්ටාලින් අලුත් පාලනයට රතු එළියක් දමයි

කෙසේ වෙතත්, මෙම ලිපිගොනු පරීක්ෂා කළ විශේෂඥයින් පෙන්වා දෙන්නේ, පිටසක්වල ජීවීන්ගේ පැවැත්ම තහවුරු කරන ස්ථිර සාක්ෂි මෙතෙක් හමු වී නොමැති බවයි.

UFO පර්යේෂක Mick West සඳහන් කර ඇත්තේ, බොහෝ වීඩියෝ සහ ඡායාරූපවල දැක්වෙන අභිරහස් රූප කැමරා කාච දෝෂ හෝ ආලෝක පරාවර්තන හේතුවෙන් ඇතිවිය හැකි බවයි.

මෙම තොරතුරු නිකුත් කිරීම දේශපාලනික අවධානය වෙනතකට යොමු කිරීමේ උත්සාහයක් ලෙස ඇතැම් පාර්ශව විවේචනය කර ඇති අතර, සඳ මත ලබාගත් ඇතැම් ඡායාරූප උල්කාපාත බලපෑම්වල සලකුණු විය හැකි බවටද විශේෂඥ මත පළ වී ඇත.

ඉදිරි අදියරේදී තවත් ලේඛන සහ තොරතුරු නිකුත් කිරීමට නියමිත බැවින්, අභ්‍යවකාශය හා UFO සංසිද්ධීන් පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස් අතර දැඩි අවධානයක් යොමුව තිබේ.

GalleryGalleryGallery