රන් වෙළෙඳපොළ උණුසුම් කරමින් මිල වාර්තාගත ලෙස ඉහළට

Report

ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින ආර්ථික වෙනස්කම් සහ මැදපෙරදිග උද්ගත වී ඇති යුදමය තත්ත්වයන් හේතුවෙන් අද (10) දිනයේ රන් සහ රිදී මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 4,714 දක්වා ඉහළ ගොස් ඇති අතර, රිදී අවුන්සයක මිල ද ඇමෙරිකානු ඩොලර් 81 ලෙස වාර්තා වී ඇත.

වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, පසුගිය දින කිහිපය තුළ දේශීය රන් වෙළෙඳපොළේ මිල උච්චාවචනයක් පැවති නමුත්, ජාත්‍යන්තර වෙළෙඳපොළේ මෙම ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ද රන් මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි.

තවද, ඇමෙරිකානු ඩොලරයේ ශක්තිමත් වීම සහ ජාත්‍යන්තර දේශපාලනික අර්බුද තත්ත්වයන් ද මෙම මිල වැඩිවීමට බලපා ඇති ප්‍රධාන සාධක ලෙස සැලකේ.

ලොකු පුටු බේරා වරද පද්ධතිය මත පටවලා? - මහ බැංකු ගනුදෙනුව ගැන හෙළිදරව්වක්

ලොකු පුටු බේරා වරද පද්ධතිය මත පටවලා? - මහ බැංකු ගනුදෙනුව ගැන හෙළිදරව්වක්

සඳ මත පියාඹන පීරිසි? 1940 සිට සැඟවූ රහසිගත වාර්තා ට්‍රම්ප් පාලනයෙන් මහජනයාට

සඳ මත පියාඹන පීරිසි? 1940 සිට සැඟවූ රහසිගත වාර්තා ට්‍රම්ප් පාලනයෙන් මහජනයාට