ලොකු පුටු බේරා වරද පද්ධතිය මත පටවලා? - මහ බැංකු ගනුදෙනුව ගැන හෙළිදරව්වක්

Report

ෆ්‍රී ලෝයර්ස් සංවිධානය චෝදනා කරන්නේ, මහ බැංකුව සහ භාණ්ඩාගාරය සම්බන්ධ ආන්දෝලනාත්මක මුදල් ගෙවීමේ සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තු මුදල් කාරක සභා වාර්තාව මඟින් සැබෑ වගකිවයුත්තන් ආරක්ෂා කිරීමට උත්සාහ දරා ඇති බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, පිටු 8කින් සමන්විත එම වාර්තාව තුළ ඉහළ නිලධාරීන් ආරක්ෂා කරමින්, වගකීම පහළ මට්ටමේ නිලධාරීන් සහ පරිගණක පද්ධති මත පැටවීමට උත්සාහ කර ඇති බවයි.

එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 121 යටතේ මුදල් කාරක සභාවට පැවරී ඇති ව්‍යවස්ථාපිත වගකීම මෙම වාර්තාව මඟින් නිසි ලෙස ඉටු කර නොමැති බවත්, එය සරල කරුණු වාර්තා කිරීමකට පමණක් සීමා වී ඇති බවත්ය.

"ටිල්වින් සිල්වාට ගහලා" - පච පතුරවන අයට ටිල්වින් දුන්න ගේම මෙන්න

"ටිල්වින් සිල්වාට ගහලා" - පච පතුරවන අයට ටිල්වින් දුන්න ගේම මෙන්න

වංචාවට සම්බන්ධ බව කියන බලධාරීන්ට ලේඛන සකස් කර ගැනීමට සහ වගකීම් වසා ගැනීමට මාසයකට ආසන්න කාලයක් ලබා දීම මඟින් මුදල් කාරක සභාව අගතියක් සිදු කර ඇති බවටද ඔවුන් චෝදනා කරයි.

නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, දින 30ක් ගතවී තිබියදීත් මහා බැංකුව පාලන අධිකාරිය මේ සම්බන්ධයෙන් නිහඬව සිටින බවත්, මහ බැංකුවේ ප්‍රතිරූපය ආරක්ෂා කිරීමට කමිටුව කටයුතු කර ඇති බවත්ය.

තවද, මහා භාණ්ඩාගාරය, විදේශ සම්පත් සහ ණය කළමනාකරණ අංශ අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිව වෙන වෙනම පරිගණක පද්ධති භාවිත කිරීම මෙම අර්බුදයට හේතු වී ඇති බවද එම සංවිධානය පෙන්වා දෙයි.

"ආණ්ඩුවේ ඕනෑ එපාකම් ඉටු නොකළොත් මරණ තර්ජන" - නාමල්ගෙන් බිහිසුණු අනාවරණයක්

"ආණ්ඩුවේ ඕනෑ එපාකම් ඉටු නොකළොත් මරණ තර්ජන" - නාමල්ගෙන් බිහිසුණු අනාවරණයක්

මුදල් රෙගුලාසි 135 යටතේ මුදල් බලය පැවරීමේදී, මුදල් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා ලෙස ප්‍රමාණවත් අවධානයකින් කටයුතු කර නොමැති බවද ඔවුන්ගේ චෝදනාවයි.

මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක වගකීම තනි අධ්‍යක්ෂවරයෙකු වෙත පැවරීම දුර්වල පරිපාලන ක්‍රියාවලියක් බව පෙන්වා දෙන එම සංවිධානය, “සැබෑ වගකිවයුත්තන් සැඟවීමට පාර්ලිමේන්තු මුදල් කාරක සභාව සිය නිල මුද්‍රාව යොදා තිබීම පිළිබඳ දැඩි කණස්සල්ල පළ කරනවා” යනුවෙන්ද අවධාරණය කර තිබේ. 

කපිල් හොද හිතවතෙක් වගේම රටට සේවයක් කරපු පුද්ගලයෙක් - මියගිය කපිල චන්ද්‍රසේන ගැන මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

කපිල් හොද හිතවතෙක් වගේම රටට සේවයක් කරපු පුද්ගලයෙක් - මියගිය කපිල චන්ද්‍රසේන ගැන මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

GalleryGallery