රියදුරන්ට දැනුවත් කිරීමක් - තලාතුඔය මහනුවර මාර්ගයේ උඩ දෙල්තොට පාලම ගිලා බසී
හඟුරන්කෙත ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් තලාතුඔය මහනුවර මාර්ගයේ උඩ දෙල්තොට පාලම ගිලාබැසීමට ලක්ව ඇත.
පාලම ආසන්නයේ දකුණු ඉවුර අඩි 10ක් පමණ ගිලාබැසීමට ලක්ව ඇති බවට වාර්තා වේ.
දෙල්තොට ගලහ ප්‍ර දේශයේ සිට ශ්‍රියාගම , බෙල්වුඩ්, තලාතුඔය හරහා මහනුවර දක්වා පිවිසෙන මාර්ගයේ උඩදෙල්තොට පාලම පිහිටා ඇත.
එම ප්‍ර දේශයට ඊයේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග අධික ජල ධාරිතාවක් පාලම ආසන්නයෙන් ගලායාමත් සමග ඉවුර විනාශයට පත්ව ඇත.
ඒ හේතුවෙන් පාලම ගිලාබැසීමට ලක්ව ඇති බවයි රිකිල්ලගස්කඩ විධායක ඉංජිනේරු කාර්යාලය පවසයි. ශ්‍රියාගම, බෙල්වුඩ්, තලාතුඔය හරහා මහනුවර දක්වා ගමන් ගන්නා සියලු රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම නතර කර ඇත.
ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙයි.