FIFA සභාපතිගෙන් ඉරානයට සුබපැතුම්

Report

2026 වසරේ අමෙරිකාවේ පැවැත්වීමට නියමිත ලෝක පාපන්දු කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇති ඉරාන ජාතික පාපන්දු කණ්ඩායම වෙත ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ (Gianni Infantino) සිය සුබපැතුම් පිරිනමා තිබේ.

සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, අඛණ්ඩව සිවුවැනි වරටත් ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලබාගත් ඉරානයට තම සුබ ප්‍රාර්ථනා එක් කරන බවයි.

23 වන FIFA ලෝක කුසලානය කාල සටහන එළිදකී

23 වන FIFA ලෝක කුසලානය කාල සටහන එළිදකී

2026 ලෝක කුසලාන තරගාවලියේ ඉරානය සහභාගී වන පළමු තරගය ජූනි 15 වැනිදා අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය.

මේ අතර, කලාපීය යුදමය වාතාවරණය හේතුවෙන් මතුව ඇති ආරක්ෂක ගැටලු සැලකිල්ලට ගනිමින් තම තරග අමෙරිකාවෙන් පිටත මෙක්සිකෝවේ පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස ඉරාන පාපන්දු සම්මේලනය මීට පෙර ඉල්ලීමක් කර තිබුණි.

කෙසේ වෙතත්, තරගාවලිය ආරම්භ වීමට ඉතා කෙටි කාලයක් පවතින බැවින් සැපයුම් හා සංවිධාන කටයුතු වෙනස් කළ නොහැකි බව පවසමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය කටයුතු කර ඇත.

රන් වෙළෙඳපොළ උණුසුම් කරමින් මිල වාර්තාගත ලෙස ඉහළට

රන් වෙළෙඳපොළ උණුසුම් කරමින් මිල වාර්තාගත ලෙස ඉහළට