ඩිජිටල් රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම ගැන විශේෂ දැනුම්දීමක්

Report

මැයි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් ක්‍රමය සම්බන්ධයෙන් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම නව ක්‍රමය ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ රක්ෂණ ක්ෂේත්‍රයේ අනෙකුත් පාර්ශවකරුවන් එක්ව ගත් තීරණයකට අනුව හඳුන්වා දී ඇති බව සඳහන් වේ.

ඒ අනුව, මෝටර් රථ රක්ෂණ සහතික පත්‍ර වෙනුවට ඩිජිටල් රක්ෂණ කාඩ්පත් නිකුත් කිරීම ආරම්භ කර ඇති අතර, ජාතික රක්ෂණ සත්‍යාපන පද්ධතියක්ද ඒ සමඟ ක්‍රියාත්මක කර ඇත.

මෙම පද්ධතිය මඟින් රථ වාහන රක්ෂණය වලංගුද යන්න සත්‍යාපනය කිරීමේ හැකියාව ලබා දෙන බව පොලීසිය පෙන්වා දෙයි.

අදාළ පද්ධතියට ප්‍රවේශ වීම සඳහා විවිධ ක්‍රම හඳුන්වා දී ඇති අතර, එමඟින් රථවාහන පරීක්ෂා කිරීම සහ නීතිමය ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය තොරතුරු ඉක්මනින් ලබාගත හැකි බවද නිවේදනයේ සඳහන් වේ.

රන් වෙළෙඳපොළ උණුසුම් කරමින් මිල වාර්තාගත ලෙස ඉහළට

රන් වෙළෙඳපොළ උණුසුම් කරමින් මිල වාර්තාගත ලෙස ඉහළට

  

i). USSD Code: *1338# ඔස්සේ පහත පියවර අනුගමනය කළ හැකි බව දැනුම් දී ඇත.

ඕනෑම ජංගම දුරකථන සම්බන්ධතාවක් මඟින් *1338# අංකයට ඇමතීම.

වාහන අංකය හෝ රක්ෂණ සහතික අංකය ඇතුළත් කිරීම. අදාළ රක්ෂණ ඔප්පුවෙහි වත්මන් තත්ත්වය ක්ෂණිකව ලබාගත හැකි බව සඳහන් කර ඇත.

ii). SMS: 1338 කෙටි පණිවිඩ සේවාව.

ඕනෑම ජංගම දුරකථනයක් මඟින් වාහන අංකය හෝ රක්ෂණ පත්‍ර අංකය කෙටි පණිවිඩයක් මඟින් 1338 වෙත යොමු කළ හැක. එවිට රක්ෂණ ඔප්පුව සක්‍රීයව වලංගුව පවතින්නේ ද යන්න කෙටි පණිවිඩයක් මඟින් ක්ෂණිකව පිළිතුරු ලබා ගැනීමට හැකියාව ඇති බව දන්වා ඇත.

iii). ක්ෂණික දුරකථන අංකය වන 1338 අංකයට ඇමතීම.

ඇමතුම ලබා ගත් පසුව ලැබෙන උපදෙස් අනුව අදාළ රක්ෂණ ආයතනය තෝරා ගන්න. එවිට අදාළ රක්ෂණ සමාගමේ පාරිභෝගික සේවා අංශය වෙත යොමු වේ.

අදාළ රක්ෂණ සමාගම වෙත රක්ෂණ ඔප්පුවේ අංකය හෝ වාහන අංකය ලබා දෙන්න. ඔවුන් විසින් රක්ෂණයේ වලංගුභාවය තහවුරු කරනු ඇත.

*1338# මඟින් සහ කෙටි පණිවිඩ මඟින් තොරතුරු ලබා ගැනීම සඳහා වාහන අංකය ඇතුළත් කිරීමේදී වාහන අංකයේ මුල් අකුරු හෝ ඉලක්කම්, කෙටි ඉර, අංක හතරකින් සමන්විත ඉලක්කම ඇතුළත් කළ යුතු වේ. 

වාහන අංකය ඇතුළත් කිරීමේ දී අකුරු හෝ ඉලක්කම් අතර ඉඩ තැබිය යුතු නැත.

යම් මෝටර් වාහනයක අංකය "ශ්‍රී" වශයෙන් පවතින විට එම අක්ෂරය "SRI" ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු වේ.

මුහුද කැළඹෙයි.. හන්ටා බිය උත්සන්න වෙයි - හොන්ඩියන්ස් නෞකාවේ මගීන් හදිසියේම ගොඩබිමට

මුහුද කැළඹෙයි.. හන්ටා බිය උත්සන්න වෙයි - හොන්ඩියන්ස් නෞකාවේ මගීන් හදිසියේම ගොඩබිමට

ඒ අනුව, රථ වාහනයක රක්ෂණය වලංගුද යන්න පරීක්ෂා කරන අවස්ථාවේදී එය ක්ෂණිකව තහවුරු කර ගැනීමේ හැකියාව නව ක්‍රමය මඟින් ලබා දෙන අතර, කෙටි පණිවිඩ සේවාව හරහා වඩාත් පහසුවෙන් තොරතුරු ලබාගත හැකි බව සඳහන් වේ.

එම සේවාව සඳහා භාවිතා කරන 1338 කෙටි දුරකථන අංකයට කරන ඇමතුම් හෝ කෙටි පණිවිඩ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බවද පොලීසිය දැනුම් දී ඇත.

රක්ෂණ සමාගම් මඟින් ඩිජිටල් රක්ෂණ කාඩ්පත් නිකුත් කිරීම ආරම්භ කළද, තාවකාලික රක්ෂණ ආවරණ නිකුත් කිරීම මේ වන විටත් ක්‍රියාත්මක වන අතර, එය ඉදිරියේදී නතර කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් වේ.

එතෙක් තාවකාලික රක්ෂණ ආවරණ පෙර පරිදිම වලංගු බවත්, 2026 මැයි 1 වැනිදා සිට ඩිජිටල් රක්ෂණ කාඩ්පත් පමණක් නිකුත් කළද, මේ වන විට නිකුත් කර ඇති සියලුම රක්ෂණ කාඩ්පත් ඒවායේ වලංගු කාලය අවසන් වන තුරු වලංගුව පවතින බවද පොලීසිය පෙන්වා දෙයි.

යම් රියදුරෙකුට ඩිජිටල් රක්ෂණ කාඩ්පත ඉදිරිපත් කිරීමට නොහැකි වූ අවස්ථාවකදී, එහි මුද්‍රිත පිටපතක් ඉදිරිපත් කළ හැකි අතර, එම අවස්ථාවේදීද කෙටි දුරකථන අංකය හෝ කෙටි පණිවිඩ සේවාව භාවිතයෙන් රක්ෂණයේ වලංගුභාවය තහවුරු කරගත හැකි බව සඳහන් වේ.

තවද, 2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ අදාළ වගන්ති අනුව, ඩිජිටල් රක්ෂණ කාඩ්පත් පිළිගැනීම සහ එහි නීතිමය වලංගුභාවය කිසිදු ආකාරයකින් අහිමි කළ නොහැකි බවද පොලීසිය වැඩිදුරටත් දැනුම් දී ඇත.

පොරොන්දු දෙන්න කලින් මූල්‍ය තත්ත්වය තේරුම් ගන්න - ස්ටාලින් අලුත් පාලනයට රතු එළියක් දමයි

පොරොන්දු දෙන්න කලින් මූල්‍ය තත්ත්වය තේරුම් ගන්න - ස්ටාලින් අලුත් පාලනයට රතු එළියක් දමයි