පොරොන්දු දෙන්න කලින් මූල්‍ය තත්ත්වය තේරුම් ගන්න - ස්ටාලින් අලුත් පාලනයට රතු එළියක් දමයි
තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස දිවුරුම් දුන් තමිල්නාඩු ජයග්‍රාහී පක්ෂයේ සභාපති සී. ජෝසප් විජේ මහතාට, ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් (DMK) සභාපති එම්.කේ ස්ටාලින් මහතා විසින් හෘදයාංගම සුබ පැතුම් පළ කර තිබේ.
ඔහු සිය X සමාජ මාධ්‍ය සටහනක සඳහන් කර ඇත්තේ, බලයට පත්වීමෙන් පසු විජේ විසින් වහාම වැදගත් ප්‍රකාශ කිහිපයක් නිකුත් කිරීම සාදරයෙන් පිළිගන්නා බවයි.
එමෙන්ම, ආරම්භයේදීම “රජයට මුදල් නැත” යැයි නොකියා, ජනතාවට සහන ලබා දීමට අධිෂ්ඨානය සහ පරිපාලන හැකියාව ප්‍රධාන බවද ස්ටාලින් මහතා පෙන්වා දී ඇත.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, කොවිඩ් වසංගතය සහ ගංවතුර වැනි අභියෝග මධ්‍යයේ මධ්‍යම රජයේ සීමිත සහයෝගය තිබියදීත් ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් (DMK)රජය බොහෝ සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කළ බවයි.
තවද, තමිල්නාඩුවේ ණය මට්ටම නීතිමය සීමාවන් තුළ පවතින බවත්, එය අයවැය හරහා පැහැදිලි කර ඇති බවත් ඔහු අවධාරණය කර ඇත.
අවසන් වශයෙන්, පාලන අත්දැකීම් කෙසේ වුවද නව නායකත්වය ජනතාවගේ සුභසාධනය හා තමිල්නාඩුවේ සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ස්ටාලින් මහතා සිය සටහනේ සඳහන් කර තිබේ.
மாண்புமிகு தமிழ்நாடு முதலமைச்சராகப் பொறுப்பேற்றுள்ள தமிழக வெற்றிக் கழகத் தலைவர் திரு. @ActorVijay அவர்களுக்கு எனது மனப்பூர்வமான வாழ்த்துகளைத் தெரிவித்துக் கொள்கிறேன்.
— M.K.Stalin - தமிழ்நாட்டை தலைகுனிய விடமாட்டேன் (@mkstalin) May 10, 2026
பதவியேற்றதும் தாங்கள் கையெழுத்திட்டுள்ள அறிவிப்புகளையும் வரவேற்கிறேன்.
எடுத்த எடுப்பிலேயே அரசிடம் பணம் இல்லை…