පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ පවුලේ අයටත් ඉන්ෂුවරන්ස්?.- එක් අයෙකුගේ රක්ෂණ ආවරණයේ වටිනාකම ගැනත් හෙළි වෙයි..

Parliament of Sri Lanka Sri Lanka Politician
By Wayomi Apr 11, 2024 01:39 AM GMT
Wayomi

Wayomi

Report

මන්ත්‍රීවරුන් රැසක් තමන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද රක්ෂණ රැකවරණය ලබදෙන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙනවා.

මෙතෙක් කාලයක් පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයෙකුටම පමණක් රක්ෂණ රැකවරණ හිමි වූ අතර වාර්ෂිකව හිමි වන රක්ෂණ ආවරණයේ වටිනාකම රුපියල් ලක්ෂ 10ක්.

කෙසේ වෙතත් එය මන්ත්‍රීවරුන්ට පමණක් හිමි වූ අතර යම්කිසි මුදලක් තමන්ගේ වැටුප්වලින් හෝ කපාගෙන පවුලේ සාමාජිකයන්ට ද රක්ෂණ ආවරණය දෙන ලෙස ඔවුන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඉදිරි සතිවලදී පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ රැස්වීමක් පැවැත්වීමට නියමිතව අතර එහිදී ද මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරු කීපදෙනෙක් පවසා තිබුන ද පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ රැස්වීමක් මාස ගණනාවකින් පවත්වා නොමැති බවත් වාර්තා වෙනවා.

..................................................................

May you Like