“ජීවත්ව සිටි නන්දා මාලනියටත් වඩා මියගිය නන්දා මාලනිය ප්‍රබලයි” – මන්ත්‍රී සුනිල් රත්නසිරිගෙන් පාර්ලිමේන්තුවේදී සංවේදී ප්‍රකාශයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි අද (21) සිකුරදා පාර්ලිමේන්තුවේදී ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනියගේ අභාවය සම්බන්ධයෙන් සංවේදී අදහස් දැක්වීමක් සිදු කළා. එහිදි අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
''1943 අගෝස්තු 23 වෙනිදා මෙලොව උපත ලද නන්දා මාලනිය නම් දේශයේ යශෝරාවය ඊයේ දිනයේදී නිහඬ වුණා. විශේෂයෙන්ම තමන්ගේ ජීවිතයේ විවිධ දුක් ගැහැටවලට, දුක්ඛ දොමනස්සවලට ලක්වුණත්. කිසි දවසක තමන් වෙනුවෙන් යුක්තිය, සාධාරණය ඉෂ්ඨ කරන ලෙස ඉල්ලා නොසිටි ඇය, අපේ රටේ විවිධ අවස්ථාවල විවිධ පීඩාවන්ට ලක්වුණු ජනී ජනයා වෙනුවෙන් තම උදාරතර හඬ අවදි කළා.
එක් අවස්ථාවක පාලකයන්ගේ රුධිරු භීෂණය මුළු රට පුරා වෙළාගෙන සිටිද්දී, ඇයට පිටුපසින් අවි අමෝරාගෙන ඝාතකයන් නැඟි සිටිද්දී, ඇය නොබියව දේශය වෙනුවෙන් ගායනා කළා.
ඇය මාලිමාවක්.. අද එතුමිය අගය කරාට මම හිතන්නේ නෑ මීට අවුරුදු පනහකට හතළිහකට කලින් මේ ඇගයීම මෙසේම තිබුණා කියලා - දැයෙන් සමුගත් නන්දා මාලනී වෙනුවෙන් බිමල් කට අරී
''සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරුවන්, නීතිවේදීන්, ලේඛකයින්, එඩිතර කම්කරු නායකයින්, දරු දැරියන්, නව යෞවනයන් බිලිගත් ඝාතකයා කවුරුද කියා දියන් ලංකා ඉතිහාසයේ ''
එවැනි ඝාතන සංස්කෘතියක් අපේ රට තුළ නිර්මාණය වෙලා තියෙද්දී,එ ඝාතකයන්ට එරෙහිව මෙවැනි ගීත ගායනා කරන්නට හැමෝටම බැහැ, ගරු නියෝජ්‍ය කථානායකතුමනි.
එකට අප්‍රමාණ ශක්තියක්. තමන්ට වඩා අනෙකා පිළිබඳව සෙනෙහසක්, ආදරයක් තියෙන හදවතක් තියෙන්නට ඕනේ. ඒ වාගේම අපි දන්නවා,මෑතකාලීනව පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා අහිංසක,අසරණ, නිරායුධ ජනතාව 300කට ආසන්න ප්‍රමාණයක් මිය ගිහිල්ලා,500කට ආසන්න ප්‍රමාණයක් සදාකාලිකව ආබාධිත වෙද්දී, ඇය ඔවුන් වෙනුවෙන් ගායනා කළා.
“සුසානය මැද සොහොන් කොත් මත වැලපෙද්දී ස්වාමිවරු සිය බිරිඳ, දරුවන් අහිමි වූ කුරිරු ඝාතක රැලම නිදහස් සුව විඳී නොලබ දඬුවම් රටට පිටුපා සිනාසී කොහිද යුක්තිය, කොහිද ධර්මය, කොහිද නීතිය විමසනු” ඉතින් අපි විපක්ෂයටත් කියනවා,මේ අපේ රටේ සමස්ත ජනතාවගෙනුත් අපි ඉල්ලා සිටිනවා, නන්දා මාලනිය වෙනුවෙන් ඉටු කරන්නට පුළුවන් යුක්තිය, සාධාරණය තමයි මේ රටේ අයුක්තියට, අසාධාරණයට ලක්වෙච්ච ජනී ජනයා වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිම යුක්තිය සාධාරණය ඉෂ්ඨ කරන එක.
එක තමයි නන්දා මාලනිය වෙනුවෙන් කරන්නට පුළුවන් උපරිම ගෞරවය. ඒ වාගේම අපි මතක් කරන්නට ඕනේ, ජීවත් වෙලා හිටපු වික්ටර් හාරාට වැඩිය, ජීවත් වෙලා හිටපු බොබ් මාලේට වැඩිය, ජීවත් වෙලා හිටපු මැක්සිම් ගෝර්කිට වැඩිය, මිය ගිය බොබ් මාලේ, වික්ටර් හාරා, මැක්සිම් ගෝර්කි ප්‍රබල වුණා.
ඒ වාගේම තමා අපි සපථ කරලා කියනවා, මිය ගිය නන්දා මාලනිය ජීවත් වෙලා හිටපු නන්දා මාලනියට වැඩිය අතිශයින්ම ප්‍රබලයි කියලා. ඒ නිසා අවසාන වශයෙන් එතුමියට ගෞරව පූර්වක ප්‍රණාමය සිදු කරමින් කියන්නට තිබෙන්නේ, “සොඳුරු ගී බන්දා සතුරු බල බින්දා නමින් ඇය නන්දා දේශයම ඒ නමට වැන්දා”