පොලීසියේදී මිය ගිය මන්ත්‍රීවරයා ඇද වැටෙන අයුරු කැමරා ඇසේ සටහන් වෙයි..(CCTV VIDEO)

By Sewvandhi Dec 19, 2021 12:48 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මත්පැන් විකිණීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු ප්‍රදේශිය සභා මන්ත්‍රීවරයෙකු හුංගම පොලීසිය තුළදී ඊයේ (18) මිය ගියේය.

මරණය සැකසහිත බවට පවසමින් පිරිසක් කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය රන්න ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවක ද නිරත විය. 

  කෙසේ වෙතත්, සිරමැදිරියේ සිටින සැකකරු බිම ඇදවැටෙන ආකාරය දැක්වෙන සී.සී.ටී.වී. දර්ශන අද පස්වරුවේ මාධ්‍යට නිකුත් විය. 

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන ප්‍රේමතිලක අමරවීර නමැති 62 හැවිරිදි පුද්ගලයෙකු අද හුංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පෝය දිනයේ මත්පැන් අලෙවි කළ බවට චෝදනා කරමිනි. 

  අත්අඩංගුවට ගත් සැකකාර හිටපු ප්‍රදේශිය සභා මන්ත්‍රීවරයා හුංගම පොලීසියට ගෙනවිත් මද වේලාවකට පසු සිරමැදිරිය තුළ ඇඳ වැටී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, සැකකරු රන්න රෝහලට ඇතුළත්කිරීමේදී මියගොස් සිටි බවය. 

  කෙසේ වෙතත් මරණය සැක සහිත බව පවසමින් ඥාතීන් රෝහල් භූමිය තුළ විරෝධය පළ කළේය.

පසුව ඔවුන් කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය රන්න ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කළේය. 

 රන්න රජයේ රෝහලේ තැන්පත් කර ඇති මියගිය සැකකරුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ අගුණකොළපැලැස්ස මහෙස්ත්‍රාත්වරිය විසින් සිදුකරනු ලැබීය. 

 අනතුරුව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද රන්න රජයේ රෝහලට පැමිණි අතර පසුව මෘත දේහය හදිසි මරණ පරීක්ෂණය සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now