ගල්කිස්ස හුළුදාගොඩ පාරේ වෙඩිතැබීමක් - පුද්ගලයෙකු මරුට

Report

ගල්කිස්ස, හුළුදාගොඩ පාර ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් අදාළ වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගොස් ඇති බවට පොලීසිය සැක කරයි.

මේ ලග්නවලට ඉතා බලගතු මේ ලග්නවලට ඉතා අවදානම් අද ඔබ බැලිය යුතුම ලග්න පලාපල මෙන්න

මේ ලග්නවලට ඉතා බලගතු මේ ලග්නවලට ඉතා අවදානම් අද ඔබ බැලිය යුතුම ලග්න පලාපල මෙන්න

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත.

මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින පෞද්ගලික ආරවුලක ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපළ කරන අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

සියලුම දෙනා දැනුවත්වෙන්න - අද මේ ප්‍රදේශ සහ දිස්ත්‍රික්ක සියල්ලේ සිදුවෙන දේ පිළිබඳව විශේෂ දැනුම්දීමක්

සියලුම දෙනා දැනුවත්වෙන්න - අද මේ ප්‍රදේශ සහ දිස්ත්‍රික්ක සියල්ලේ සිදුවෙන දේ පිළිබඳව විශේෂ දැනුම්දීමක්