වියළි කාලගුණය උග්‍රවීමත් සමඟ බලධාරීන්ගෙන් හදිසි ඉල්ලීමක්

By Aylin Zoya Aug 15, 2026 03:59 PM GMT
Report

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රධාන හා කුඩා ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින අතර, මේ හේතුවෙන් ජනතාව මෙන්ම සත්ව ප්‍රජාවද දැඩි පානීය ජල අර්බුදයකට මුහුණ දී සිටී.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ජලාශ 74ක සමස්ත ජල ධාරිතාව මේ වනවිට 37%ක් දක්වා පහත බැස ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කුඩා වැව්වලට වියළි කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ. පවතින තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් - ප්‍රශ්ණ පත්‍ර ගැටලුව උණුසුම් වෙයි - පරීක්ෂණය CIDය අතට

උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් - ප්‍රශ්ණ පත්‍ර ගැටලුව උණුසුම් වෙයි - පරීක්ෂණය CIDය අතට

විශාල වැව් සහ ජලාශ මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අතර, කුඩා වැව් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරේ.

පවතින අධික වියළි කාලගුණයේ බලපෑම විශේෂයෙන්ම අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්කවලට දැඩිව බලපා තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 9ක ජල මට්ටම මේ වනවිට 23%ක් දක්වා පහත බැස තිබේ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ජලාශ 4ක ජල මට්ටම 26%ක් වන අතර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම 28%ක් දක්වා පහළ ගොස් ඇත. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජලාශ 4ක ජල මට්ටම 42%ක් දක්වා පහත බැස ඇති අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජලාශ 10ක සාමාන්‍ය ජල මට්ටම 43%ක් ලෙස වාර්තා වේ.

ශ්‍රී ලංකා පොලිසියෙන් රියදුරන්ට විශේෂ නිවේදනයක් - හෙට උදේ 6 සිට දහවල් 2 දක්වා ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකා පොලිසියෙන් රියදුරන්ට විශේෂ නිවේදනයක් - හෙට උදේ 6 සිට දහවල් 2 දක්වා ක්‍රියාත්මකයි

ජල මට්ටම් පහළ යාම හේතුවෙන් ප්‍රදේශ රැසක කුඹුරු සහ අනෙකුත් වගාවන් විනාශ වෙමින් පවතී. හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිතුල්උතුව වැව සිඳී යාම හේතුවෙන් ගොවි පවුල් 50කට ආසන්න පිරිසක් දැඩි අසීරුතාවකට පත්ව සිටින අතර, අක්කර 50කට වැඩි වගාබිම් ප්‍රමාණයක් ජලය නොමැතිකමින් හානියට පත්ව තිබේ.

තිරප්පනේ කරඹෑගම ප්‍රදේශයේද වගාවට අවශ්‍ය ජලය සපයා ගැනීමට නොහැකිව ඇතැම් වගාවන් අත්හැර දැමීමට ගොවීන්ට සිදුව ඇත. මාරාකුලම - මහවැව, අලුතබැඳිවැව, ඔබඩෑගමවැව සහ දික්වැව ඇතුළු කුඩා වැව්වල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහත වැටීමද ගොවීන්ට දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

ජල හිඟය හේතුවෙන් කිරි ගවයන් ඇතුළු සතුන්ට අවශ්‍ය ආහාර සහ ජලය සපයාදීමද ගැටලුවක් වී ඇති බව ගොවීහු පවසති. කන්තලේ ජලාශයේ ජල මට්ටමද බෙහෙවින් පහත බැස ඇති අතර, ඉදිරි කන්නයේ වගා කටයුතු සිදුකිරීම අවදානම් තත්ත්වයකට පත්ව තිබේ. ජලය නොමැතිවීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සතුන් මියගොස් ඇති ආකාරයද වාර්තා වේ. මේ අතර, ලග්ගල කළුගඟ ජලාශයේ ජල මට්ටම පහළ යාමත් සමඟ කළුගඟ ජලාශය ඉදිකිරීමේදී යටවූ පල්ලේගම නගරයේ ස්ථාන කිහිපයක්ද යළි මතුව ඇති බව සඳහන් වේ.

"ආණ්ඩුව ප්‍රශ්න විසඳන්නේ නැතිව රාජපක්ෂලාට බැන බැන ඉන්නවා" - නාමල් රාජපක්ෂ

"ආණ්ඩුව ප්‍රශ්න විසඳන්නේ නැතිව රාජපක්ෂලාට බැන බැන ඉන්නවා" - නාමල් රාජපක්ෂ

පවතින වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් ජනතාවට බලපෑම් එල්ල කරමින් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට දහවල් කාලයේදී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර පවතිනු ඇති බවයි. අධික උණුසුමත් සමඟ විජලනයට පත්වීමේ අවදානම ඉහළ යන බැවින්, හැකිතාක් ප්‍රමාණවත් ජලය පානය කරන ලෙස ළමා රෝග විශේෂඥවරු ජනතාවගෙන් ඉල්ලා සිටිති. වැව් සිඳී යමින්, වගාබිම් වියළෙමින් සහ පානීය ජල අවශ්‍යතාව ඉහළ යමින් පවතින මෙම තත්ත්වය හමුවේ, පවතින ජල සම්පත අරපිරිමැස්මෙන් භාවිත කිරීම සියලු දෙනාගේ වගකීමක් බව බලධාරීහු අවධාරණය කරති.