සියලුම දෙනා දැනුවත්වෙන්න - අද මේ ප්‍රදේශ සහ දිස්ත්‍රික්ක සියල්ලේ සිදුවෙන දේ පිළිබඳව විශේෂ දැනුම්දීමක්
දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයක අද දිනයේ වැසි සහ තද සුළං සහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය
මීට අමතරව, ඌව පළාතේ මෙන්ම අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
එමෙන්ම උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 30 ත් 40 ත් අතර පමණ තරමක තද සුළං හමා යාමට ඉඩ ඇත.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.