ලංකාවට සුභ ආරංචියක් - ඩෙංගු රෝගීන් වාර්තා වීම අඩුවීම අඩුවෙයි
දෛනික ඩෙංගු රෝගීන් වාර්තා වීම අඩුවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේය. එම ඒකකය සඳහන් කළේ ඊයේ (14) දිනයේ මෙරටින් හමුවී ඇත්තේ ඩෙංගු රෝගීන් 346 දෙනෙකු බවයි.
වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,692ක් වන අතර ඊයේ වනවිට මුළු රෝගීන් සංඛ්‍යාව දැක්වුණේ 91,346ක් ලෙසයි. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ඩෙංගු මරණ 68 ක්ද සිදුව ඇති බවයි.