ශ්‍රී ලංකා පොලිසියෙන් රියදුරන්ට විශේෂ නිවේදනයක් - හෙට උදේ 6 සිට දහවල් 2 දක්වා ක්‍රියාත්මකයි

Report

කඩුවෙල, සිද්ධ රන්කඩු පත්තිනි දේවාලයේ දිය කැපීමේ වාර්ෂික මහා පෙරහර හෙට (16) දින උදෑසන 06.00 සිට දහවල් 02.00 දක්වා විථි සංචාරය කෙරේ.

පෙරහර දේවාලය අසලින් ආරම්භ වී, 143 - අවිස්සාවේල්ල කොළඹ බස් මාර්ගය හරහා කඩුවෙල රාජසිංහ පාලම මතින් බණ්ඩාරවත්ත, බියගම ප්‍රදේශයට ගමන් කර දිය කැපීමේ චාරිත්‍රය අවසන් වීමෙන් පසුව නැවත එම මාර්ගයේම කඩුවෙල හන්දිය හරහා දේවාලය වෙත පැමිණීමට නියමිතව තිබේ.

ඔබේ බැංකු ගිණුම අනතුරේ - සියලුම බැංකු හිමියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් - විශ්‍රාමික හා වැඩිහිටි ප්‍රජාවට විශේෂයි

ඔබේ බැංකු ගිණුම අනතුරේ - සියලුම බැංකු හිමියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් - විශ්‍රාමික හා වැඩිහිටි ප්‍රජාවට විශේෂයි

පෙරහර ගමන් ගන්නා කාල සීමාව තුල ඇතිවන රථ වාහන තදබදය අවම කර ගැනීම සඳහා පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට එම ප්‍රදේශය ඔස්සේ ගමන් කරන රියැදුරන්ගෙන් හා මහජනතාවගෙන් පොලිසිය ඉල්ලා සිටියි.

විකල්ප මාර්ග : 143 - අවිස්සාවේල්ල කොළඹ බස් මාර්ගයේ වෙලේ හන්දිය අසලින් රථවාහන ගමනාගමනය සීමා කරන අවස්ථාවේ විකල්ප මාර්ගයන් වශයෙන් 697 බස් මාර්ගයෙන් පට්ටියවත්ත මාර්ගය ඔස්සේ 177 කඩුවෙල කොල්ලුපිටිය බස් මාර්ගයට අවතීර්ණය වී මාලඹේ දෙසට ඇති රාජසිංහ මාවත ඔස්සේ නැවත 143 අවිස්සාවේල්ල කොළඹ බස් මාර්ගයට අවතීර්ණ වී ගමන් කළ හැකියි. 

වාහනයක් ගන්න ඉන්නවනම් අද හෙටම ගන්න - ලක්ෂ 50ක පමණ ලොකු වෙනසක් - වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් දැනුම්දීමක්

වාහනයක් ගන්න ඉන්නවනම් අද හෙටම ගන්න - ලක්ෂ 50ක පමණ ලොකු වෙනසක් - වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් දැනුම්දීමක්