ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක්? දෙදරා ගිය සුමාත්‍රා දුපතේ භූමිකම්පාවෙන් 38ක් මරුට
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්දුනීසියාවේ අද (15) අලුයම සිදුවූ භූකම්පනයෙන් මියගිය ගණන 38ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
වැඩිදුරටත් වාර්තා වෙන්නේ මෙම ඛේදවාචකය හේතුවෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
ඉන්දුනීසියාවේ අද අලුයම 3.28ට පමණ රික්ටර් මාපකයේ 7.7 ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගනු ලැබූ අතර පසුව එරටින් පසුකම්පන කිහිපයක්ද වාර්තා විය.
ඔබේ බැංකු ගිණුම අනතුරේ - සියලුම බැංකු හිමියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් - විශ්‍රාමික හා වැඩිහිටි ප්‍රජාවට විශේෂයි
එරට ජාතික භූ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කරනු ලැබූ අතර පසුව එම අනතුරු ඇඟවීම ඉවත් කිරීමටද පියවර ගනු ලැබීය.
එරට සිදුවූ මාරාන්තික භූමිකම්පාවෙන් පැය කිහිපයකට මෙම භූමිකම්පාව ඇතිවීම සුවිශේෂීය
කෙසේ නමුත් අද පස්වරුවේ ඇතිවූ භූමිකම්පාවෙන්ද ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවත් ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය සඳහන් කළේ, මුහුදුබඩ ප්‍රදේශවල ජන ජීවිතය ආරක්ෂා සහිත බවය.