හෝකන්දරින් අහුවුණු 25 හැවිරිදි තරුණයාගේ රහස
By Malith Madushan
අතුරුගිරිය පොලිස් වසමේ හෝකන්දර ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අධි බල මෝටර් සයිකල් පහක් සහ ව්‍යාජ අංක තහඩු දෙකක් සමඟ 25 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය සඳහන් කළේ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත, ඊයේ (29) දහවල් මෙම මෙහෙයුම හෝකන්දර ප්‍රදේශයේදී ක්‍රියාත්මක කළ බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සොයාගත් මෝටර් සයිකල් හා ව්‍යාජ අංක තහඩු වැඩිදුර විමර්ශන සඳහා අතුරුගිරිය පොලිස් ස්ථානයට භාර දී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.