කපන ලද පොල් ගසකට යටවී අවාසනාවන්ත ලෙස යතුරු පැදිකරු මියයයි(PHOTOS)

ACCIDENT ANURADHAPURA NARIYANKULAMA JUNCTION MIHINTHALAYA MOTORCYCLE
By Sewvandhi Nov 11, 2021 03:13 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මාර්ගයේ ගමන් කළ යතුරු පැදියක් මතට කපන ලද පොල් ගසක් වැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (10) අනුරාධපුර, නරියන්කුලම හන්දිය, මිහින්තලය මාර්ගයේ දී එම අනතුර සිදුව ඇත.

කොන්ත්‍රාත් පදනම මත විදුලි රැහැන්වලට අනතුරුදායක ගස් අනාරක්ෂිතව ඉවත්කරමින් සිටියදී එම අනතුර සිදුව ඇත. එම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකාරිය සහ පසු පැදිකරු අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව පසු පැදිකරු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ 71 හැවිරිදි පහලගම, උස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 18 සහ 30 වයස්වල පසුවන කැබිතිගොල්ලෑව හා ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


Gallery
ReeCha